October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කටුවපිටිය දේවස්ථානයේ දෙවියන්ට ඇසුනේ නැති කදුළු කතාවක්

21 වන ඉරිදි උදේ අපිත් එක්ක පල්ලියට ගිය මුණුබුරා නමය වනවිට අපිව තනිකර මගේ දෑස අබියසම දෙව්මව් තුරුලට ගියා. අම්මා තවම රෝහලේ ඇයට වරින් වර සිහිය එනවා. ඇය තාමත් දන්නේ නැහැ පුතා මැරිලා කියලා. යැයි ආච්චි අම්ම පවසන්නේ ඇයද තුවාල ලබා එක් කණක ශ‍්‍රවන ආබාධයකට ලක්ව තම එකම දියණිය මේවනතුරුත් රෝහල් ගතකර ඇති අවස්තාවක ත‍්‍රස්ත බෝම්බයට ලක්ව ඇතිවූ පීඩණය යටපත්කරගෙනය.

කටුවපිටිය දේවස්ථානයේදි ත‍්‍රස්තයා විසින් බිලිගත් ජීවිත අතර එකපොදියට මිහිදන් වූ අය අතර අංක 34 මහහුණුපිටිය කටුවපිටිය මීගමුව ලිපිනයෙහි පදිංචිව සිටි අවරුදු හයයි මාස පහක් වන දුලොද් පේමිණ ඇන්තනී දරුවාද සිටිති. දුලොද් පේමිණ පුතා කඳාන ද මැසනොත් විදුහලේ ගරුවරුන්ගේ සිත්දිනා සිටි දුටුවන් වසගයට පත්වන පියකරු සිනාවකින් කොයිකාටත් සමීප වන පවුලේ දෙවන දරුවාය.

ඔහුට වැඩිමල් අක්කාවන දහවන වියේ පසුවන ලයාරා ඇන්තනී වත්තල ලයිසීම් විදුහලේ ඉගෙණුම ලබයි. දුලොද් පුතාට මල්ලියෙක්ද සිටී ඔහුට අවරුදු දෙකයි මාස හතරකි. තාත්තා ව්‍යාපාරිකයෙකි. දැනට රෝගාතුර අම්මා මීගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ කළමණාකාර සහයක වරියක් ලෙස සේවය කරණ තැනැත්තියකී. ඒ සියලූමදෙනා තනිකර සැවොම හඩවා දුලොද් දෙව්මව් තුරුලේය. දුලොද් පේමිණ පුතාගැන විස්තර දැනගන්න අම්මා ජීවතුන් අතර සිටියත් ඇය එදා සිට තවමත් රෝහලේය. දුලෝද් ගේ නංගීවයි මල්ලීවයි මේ වනවිට බලා හදා ගන්නේ ආච්චී වූ සිල්වියා ප‍්‍රනාන්දු සහ සීයා වන හැට හයවෙනි වියේ පසුවන හැරල් අප්පුහාමි යන දෙපල විසින්ය.

එනිසාම එදා මෙම ප‍්‍රහාරයට මූණ දුන් කාන්තාවක් වන ආච්චී වන සිල්වියා ප‍්‍රනාන්දු සමග එදා සිදුවීම ගැන කථාකලෙමි. ඇය පවසන ආකාරයට සිද්ධිය මෙසේය. මියගිය පුතා අම්මාටත් තාත්තාටත් වඩා ඇලූම්කලේ ආච්චි සීයා වන අප දෙපලටයි. සීයාගේ ගෙවත්තේ හෝ ඔනෑම වැඩකට උදව්වන්නේ උදව් ඉල්ලා නොවෙයි. පුතාට හොඳ ඉවක් තිබුණා. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අපිට ලන්කරනවා. අක්කාටත් මල්ලීටත් හරිම ආදරෙයි. ඉගෙන ගන්න හරිම උනන්දුයි. ඕනෑම දෙයක් එකවරක් කිව්වාම එයා එය වටහා ගන්නවා. පාසලේ ගුරුවරුන් හරිම ආදරෙයි. පාසැල් වාහනයෙන් බැස්ස තැන සිට වටේ සිටින අයට බායි, බායි කියාගත්තු ගමන්තමයි ගෙදරට එනකම්ම. වටේ පිටේ අයටත් අපේ පුතාගේ නැතිවීම දැඩිව බලපාලා. ඒ අයත් තවම කම්පාවෙනවා.

20වන සෙනසුරාදා දරුවෝ තිදෙනා සෙල්ලම් කරමින් මිඳුලේ සිටියා. අපි කුස්සියේ මං`ගල්‍යට සුදානම් වෙවී අවශ්‍ය දේවල් කරමින් සිටියා. මියගිය මගේ මුණුබුරා අක්කටයි මල්ලිටයි පවසලා තියෙනවා ඉන්න මම ආච්චීට ලියුමක් දීලා එන්නම් කියා. පසුව ගේ ඇතුලට දුවගෙන විත් කොල කෑල්ලක් අරගෙන පැලැටීග්නම් පෑනකින් ආච්චි ඔයා පරිස්සම් වෙන්න ආච්චී කියා ලියලා කුස්සියට දුවගෙන විත් මට දීලා දුවගෙන ගියා අපි ඒක බලලා පිස්සු කොල්ලා කියා පැත්තකට දාලා අපේ වැඬේ කරා. ඒ තමයි මගේ මුණුබුරාගේ අවසන්ම කුරුටු ගෑම. මට පරිස්සම් වෙන්න කියා එලෙස කියන්න හිතුනේ පසුවදා මෙවන් විපතක් වෙන බවක් එයාට තේරිලාද දන්නේ නැහැ.

මියගිය පුතාගේ අච්චි අම්මා වූ සිල්වියා සහ සිය පවුලම කටුවපිටිය දේවස්ථානයේ ඉරිදා පවත්වන උත්තාන පෙරහැර පටන් ගත්දා සිටම යන්න පුරුදු වෙලා සිට ඇත. එදාද වෙනදා මෙන් කිසිම වෙනසක් නැතුව දේවස්ථානයට ගොස් ඇත. මෙදින පැවැත්වූ දිව්‍ය සප්ප‍්‍රසාද පුජාව අවසන් වෙද්දිම වගේ ලොකු බරක් එල්ලාගත් පුද්ගලයෙක් පල්ලියට ඇතුලූ වනවා ඇයද දැක තිබේ. එදා දේවස්ථානයේ පවත්වන පූජාවට මියගිය කුඩා පුතත් අනිකුත් දරුවන් දෙන්නත් මියගිය පුතාගේ අම්මත් පමණයි සහභාගීවී ඇත්තේ. වෙනදා මෙන්ම වෙන්කර ඉදගන්නා සුපුරුදු බංකුවේම ඔවුන් වාඩිවී සිට ඇත. එය තියෙන්නේ පල්ලියේ දකුණත බිත්තියකට සමීපවය බව ඇය පවසයි.

ස්තූති තතාවටත් එළබී ඇත. සියල්ලෝම දැඩි ආසාවකින් බලා සිටියේ උත්තාන පෙරහැර පටන් ගන්නා තැනට යාමටය. නොසිතූ විලසට කිසිදා අත්නොවින්ද කිසිදා නොදැක්ක දෙයකට මූණදෙන්න සිදුවූවේ ඒ මොහොතේදීය. එකවරම විශාල ශබ්දයක් ඇසිනි. ඒ සමගම වීශාල ගිණිජාලාවක් දුටිමි. ඉන් අනතුරුව පල්ලිය වසාගත් දුමක් දුටුමි. ඒ වනවිටත් එකම විලාපයකි. සියල්ලෝම බිම වැතිරිලා සිටියා. අප සිටි තැන පුතා නැත. මා අසලම සිටි මගේ දියණිය පොඩි පුතාව තුරුලූකරගෙන මුණින් අතට වැටී සිටිනු මම දුටුවෙමි. මාව ලේ වලින් නෑවිලා. පොඩිපොඩි මස් කැබලි ඇ`ග දැවටිලා. පසුව බලන විට දුවගේ ලොකු දුව ලේ විලක් මැද ඔලූව උස්සලා බලලා මාත් එක්කම නැගිටගත්තා. එවිට මම දැක්කා මියගිය පුතා බිත්තිය අයිනේ ඉන්නවා අමාරුවෙන් එතනට ගොස් බැලූවත් පුතාගේ කිසිම හැලහොල්මනක් නැහැ.

මූණේ එක් පැත්තකින් කඩාගෙනගිය යමක් ඉතා විශාලෙට සිදුරුකරගෙන එළියට මතුවෙලා. මම වටහා ගත්තා එයා දෙව්මව් තුරුලේ බව. ඉන් පසු පොඩි දියනිය අතින් අල්ලාගෙන මගේ දුවගාවට පැමිණියා එයාට කතාකලත් උත්තර නැහැ. නමුත් ඇයට යටව සිටි චූටි පුතා නිරුප්පද්දිතව සිටියා. දුව අමාරුවෙන් හුස්ම ගන්නවා දැක්කා පසුව මම ආදාර ඉල්ලලා කෑගහැව්වා. අනේ මගේ දුව හුස්ම ගන්නවා කවුරුහරි උදව් කරන්න කියා. කිවෙකුව තවත් කෙනෙකුට උදව්කරන්න පුළුවන් මොහොතක් නොවේ උදාවෙලා තිබුණේ. තමතමන් තමන්ගේ අය අරගෙන දුවනවා. එහෙම එකවර උදව්කරන්න කවුරුන් හෝ හිටියානම් මීට වඩා ගොඩකගේ ජීවිත ගලවාගන්න හැකිවනවා.

ඉන්පසුව දෙවියෝ එව්වා වාගේ මගේ මහත්තයා දුවගෙන ආවා. තව අයගේ ආදාරයෙන් දුවවත් දුවගේ පොඩි පුතාවත්, දියනියත් රෝහලට අරගෙන ගියා. පසුව පුතාවත් අරගෙන ගියා නමුත් අපි දැනගත්තා ඒ මොහෝතේම එයා අපෙන් සමුගෙන ඉවරයි කියා. ඉන් අනතුරුව මාවද රෝහලවෙත අරගෙන ගියා. මගේ හිස තුවාල වෙලා. අත පය සියල්ලම තුවාල වෙලා. ලේ පෙරෙනවා. අපේ ලේ වලට වඩා අනිත් අයගේ ලේ අපේ ඇගවල්වල තැවරිලා. මාව මීගමුව රෝහලට අරන්යන විටත් අනේ මගේ දුවව ලිප්ට් එක විදුලි සෝපානය ල`ග බිම දාලා තියෙනවා දුටුවා. මම දුව ලගට දුහලා ගොස් බැලූවා ඇයත් සමුගෙනද කියා. නැහැ ඇය පල්ලියේ වගේම හුස්ම ගන්නවා.

මම හයියෙන් කෑගැහැව්වා අනේ මගේ දුවට පණතියෙනවා. දුවව බේරාදෙන්න ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා කියා. ඒ දෝන් කාරය මීගමුව රෝහල පුරාම පැතිරෙන්න ඇති. හනික පැමිණි රෝහලේ කාර්යය මණ්ඩලය තවත් ලෙඩෙක් ඉන්නා ට්‍රොලියක මගේ දුවවත් දාගෙන උඩට අරන් ගියා. මමත් ඒකෙම නැගිලා පිස්සුවෙන් වගේ උඩට ගියා. පසුව දෙවියෝ වගේ ඉන්න වෛද්‍ය වරුන් දුවව පොඩිකර පොඩිකර කෘතිමස්වසනය දුන්නා මම දැක්කා. පස්සේ මගේ දුව ඇස්ඇරියා. ඇයට අවශ්‍ය ප‍්‍රථිකාර දී වැඩිදුර ප‍්‍රථිකාර අවශය නිසා රාගම රෝහලට යැව්වා. මාවත් පොඩි දියනියත් පුතාවත් මීගමුව රෝහලේ නවත්වා ගත්තා. මගේ දියනියගේ හිසට බරපතල හානිවී සුසම් නාව බිදී ඇති බව පවසා රාගම රෝහලෙන් ජාතික රෝහල වෙත යවා තියෙනවා. එහිදි ශෛලකර්ම කීපයක්ම කරලා තිබෙනවා. මේ වනවිට ඇයගේ ස්නායු ආබධයට වෛද්‍ය සුනිල් පෙරේරා මහතාට යොමුකරලා එතුමා ආසිරි රෝහලට ඇතුලත් කරන්න කියා පවසා සිටිනිසා එම රෝහලට ඇතුලත් කරනවා. එම රෝහලේ සියලූම වියදම් කාඳිනල් උන්වහන්සේ විසින් දරණ බව පවසා තිබෙනවා.

දුවගේ එම ශෛලකර්මය කලත් ඇයට තුනටියෙන් පහල කොටස අප්ප‍්‍රානික වන බව වෛද්‍යවරුන් පවසනවා. ඇයට ජීවිතකාලෙම රෝඳ පුටුවක ගෙවන්න සිදුවෙනවා. මදිද මේ කුරිරු ත‍්‍රස්තයෝ අපිට දුන් දුක. මෙවන් දුකක් යලි යලිත් නොවේවා මාගේ ඒකායන පාර්ථනයයි. එදා සිට මේදක්වාම තවමත් ප‍්‍රථිකාර ලබාදෙන සහ ලබාදුන් මීගමුව, රාගම, කොළඹ ජාතික රෝහල් වල සියලූම කාර්යය මණ්ඩල වලට ස්තූති වන්ත වනවා.  එසේම අතිඋතුම් කාදිනල්උන්වහන්සේටද ස්තුති වන්ත වනවා.