October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණන්ගෙන් සැර පිළිතුරක්

මා දන්නා ඉතිහාසය තුල බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනව මම අහලා නැහැ අන්‍යාගමිකයෙකු වෙච්ච වර්තමාන මැල්කම් රංජිත් කාදිනල්තුමාත් කියනව මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා එවැනි තත්වයක් තුල කවුරුහරි කියනවානම් මේ රට සංහල බෞද්දයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයෙකු නොවේ’’ යැයි කල්යානි ධර්ම ගී‍්‍ර මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණන් පැවසූහ.

එළඹෙන වෙසක් සමයෙහිදී මහරගම නගර සභාව හා එක්ව ප‍්‍රදේශය පුරා කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් උන් වහන්සේ දැනුවත් කර ආශිර්වාද ලබා ගැනීම සදහා මහජන එක්සත් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රමුඛ නියෝජිතයන් පිරිසක් නාහිමියන් වැඩසිටින පන්නිපිටිය රුක්මලේ ධර්මවිජයාශ‍්‍රම විහාරය සදහා පැමිණි අවස්ථාවේදී උන් වහන්සේසේ මෙලෙෂ අදහස් දක්වන ලදී.

එම අවස්තාවේදී වැඩි දුරටත් අදහස් පල කල ඉත්තැපානේ ධර්මාලාංකාර නාහිමියන් ‘‘ අද දරුවන්ව පාසල්වලට එවන්න දෙමාපියන් බියක් දක්වනවා ඔවුන්ගේ බිය සාධාරණයි එම බිය නැති කිරීමටනම් කල යුත්තේ රටේ මැති ඇමතිවරු ඔක්කොම රෙටි හැම ප‍්‍රධාන නගරයකම තියෙන පාසල් ලගට ගිහිල්ල පැය කිහිපයක් එහි ගත කරන්න උවමනායි එය අද හෙටම විය යුතුයි මේ රටේ ඉන්න හැම මැති ඇමතිවරයෙක්ම රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු අය, ඒඅ යට ඇත්තටම හිතෙනවානම් අපි රට ආරක්සා කරන්න ඕනෙ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ කියලා මේ දරුවන්ගේ බිය සැක නැති කරන්න පාසල් ලගට ගිහින් ඉන්න බැරි කමක් තියෙන්න විදිහක් නෑ එහෙම කලොත් දෙමාපියන්ගෙත් දරුවන්ගෙත් දැනට තියෙන බිය සහ කම්පනය දින කිහිපයක් තුල නැති වේවි මගේ කාරුණික ඉල්ලීම වෙන්නේ ඒකයි මේ මන්ති‍්‍රවරුන්ගෙන්’’

‘‘අනෙක අද රටේ ආණ්ඩුවක් නැති තත්වයට පත්වෙලා තියෙනවා එක එක අයට උවමනා විදිහට මේ රට දුවන තත්වයක් තිබෙනවා වගේ හැගීමක් තියෙන්නේ මේ මේ විදිහට රටක් ගෙනියන්න බැහැ අපේ රට කෙහෙන් නවතීවිද දන්නේ නැහැ මෙහෙම ගියෝතින් රට දැන් පාලකයෙක් නැති තත්වයට පත්වෙලා තියෙන්නේ තස්ත‍්‍රවාදීන් පිරිස නියම වේලාව බලලයි අපේ රටට පහර දුන්නේ ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා තවත් පැත්තක රජය තවත් පැත්තක ජනතාවට තමන්ට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරි තත්වයක තිබෙන අපේ රටට නරකම වේලාවක තමයි මේ පහරදීම සිදු කලේ රට අදවන විට නිශ්කී‍්‍රය තත්වයට පත්වෙලා තියෙන්නේ පාස්කු ප‍්‍රහාරය එල්ල කරන්න සැළසුම් හදපු පිරිස් හිනා වෙනවා ඇති ’’

ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණන්

‘‘ජනතාව යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන ලබන පැමිණිලි සුළු කොට තැකිය යුතු නැහැ පොලිසිය මේ සම්බන්ධයෙන් කි‍්‍රයා කරන්න බැරිනම් එම පොලිස් බලතලත් යුධ හමුදා පවරා දිය යුතුයි අපේ රටේ ති‍්‍රවිධ හමුදාවන් ඉතා ශක්තිමත් ජනතා විශ්වාසය දිනා ගත්තු පිරිසක් මේ කටයුතු වලට දේශපාලකයින් හෝ වෙනත් පිරිස් ඇගිලි නොගසා ති‍්‍රවිධ හමුදාවට ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලය ලබා දිය යුතු වෙනවා එවිට මාස කිහිපයක් තුල මේ ගැටළුව වසන් කරාවි කියලා ජනතාව තුල දැඩි විශ්වාසයක් පවතිනවා මේ වෙනකොට ආරක්සාක ලේකම්ලාත් කිහිපදෙනෙකු පත් කලා ඇත්තෙන්ම අටේ ආරක්සාව සරත් ෆොන්සේකා මන්ති‍්‍රතුමාට හෝ ලබා දීලා දැඩි තීරණ අරගෙන අපේ රට ස්ථාවර කල යුතුවන බව මගේ හැගීමයි‘‘

මෙම අවස්ථාවේදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ‘‘ බෞද්ධයින්ට වෙසක් සමරන්න එපා කියන්න රජයයට බැහැ රජය ආරක්ෂක කටයුතු සිදු කල යුතු වෙනවා ඒක රජයේ වගකීමක් නමුත් බෞද්ධයින්ට වෙසක් සමරන්න එපා කියන්න කාටවත් බැහැ අපි බයවෙලා ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න හොද නැහැ අපේ සාමාන්‍ය පරිදි සෑම නිවසකම වෙසක් සැරසිළි කරමින් නගර අලංකරණය කරමින් වෙසක් සැමරීම සිදු කල යුතු වෙනවා‘‘

‘‘ අද වන විටත් තවමත් කර්මාන්තශාලා වසා දමලා රට අකර්මණ්‍ය තත්වයට පත්වෙලා තියෙන්නේ දරුවන් පාසල්වලට එවන්න දෙමාපියන් බියක් දක්වනවා එතකින් ඒ බිය සාදාරණ වෙනවා මේ විදිහට කඩු බෝම්බ පිහි ආදිය දිනපතා ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ආකාරය දකිනවිටත් මේවාට මැති ඇමතිවරුන්ගේ සිට ආන්ඩුකාරවරුන් දක්වා ප‍්‍රධාන තතුරු දරන්නන් විසින් උදව් කලා ඒ නිසා කිසිම බියක් නැතිව ඔවුන් මේවා තියාගෙන හිටියා තව දුරටත් මේ තත්වය වර්ධනය වූවානම් ඔය කිසිම දේශපාලකයෙකුටවත් මේ තත්වය පාලනය කර ගන්න වෙන්නේ නැහැ’’

මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව කියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි වගන්තිය වෙනස් කිරීමට හදපු ආන්ඩුවක් මේක ඒ අවස්ථාවේදී අපේ විරෝධය නිසාවෙන් ආණ්ඩුවට එම තිරණය හකුලා ගන්නට සිදු උනාx කවුරු කොහොම මොනා කීව්වත් මේ රට සිංහල බෞද්ධ රටක් බව ඔය හැමදෙනාම දැන ගත යුතු වෙනවා අන්තවාදී තස්ත‍්‍රවාදී කණ්ඩායම් හෝ වෙනත් පාර්ශවයයන් මොනවා කිව්වත් මොනවා කලත් අපේ රටේ සිංහල බෞද්ධ පදනම කසි ලෙසකින් වෙනස් වන්නේ නැහැ’’ යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා සමගින් එම පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ මහරගම නගර සභාවේ මන්ති‍්‍රවරු පිරිසක් ද සහභාගී විය.

පනාගොඩ – චම්පා ජීවන්ති