December 6, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කොදෙව්වෝ බංගලාදේශයට පරදිති

බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවති එක්දින තරගයේදී කඩුලූ 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව කොදෙව් පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 261ක් ලබාගත් අතර බංගලාදේශ පිතිකරුවෝ පන්දුවාර 5ක් ඉතිරි ව තිබිය දී කඩුලූ 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසු කර යෑමට සමත් වූහ. ලකුණු සටහන

  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවරේ 50කදී කඩුලූ 9ක් දැවී ලකුණු 261යි. (ශායි හෝප් 109, රොස්ටන් චේස් 51, මශ්රෆි මෝර්ටාසා 3/49, මොහොමඞ් සයිෆුඞීන් 2/47, මස්ටෆිසුර් රහමන් 2/84)
  • බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45කදී කඩුලූ 2ක් දැවී ලකුණු 264යි (තමිම් ඉක්බාල් 80 , සෞම්‍ය සර්කාර් 73, ශකීබ් අල් හසන් 61 , රොස්ටන් චේස් 1/51, ෂැනොන් ගේබි‍්‍රයල් 1/58)