September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු පොලිසියට මාට්ටු

ජාමත් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු බව කියන මුස්!ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ වායු රයි!ෆල් උණ්ඩ තොගයක් සහ තවත් උපකරණ රැසක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ සුඛෝපභෝගී සුපිරි දෙමහල් නිවසක රැඳී සිට ඇති බව සඳහන්. මේ අතර ඔහු සතුව තිබී වායු රයිෆල් උණ්ඩ 591ක් , අති සුඛෝපභෝගී ජීප් රථයක්, අන්සතු ගුවන් බලපත්‍ර දෙකක් , විදේශීය මුදල් තොගයක් සහ එම සංවිධානයේ සාමාජික ගාස්තු ගෙවන ලද රිසිට් පත්, රුපියල් ලක්ෂ 19ක් තැම්පත් කර තිබූ බැංකු පොතක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරුවා මුස්ලිම් කොංග්‍රසයෙන් ප්‍රාදේශීය සභාවට තරඟ කර පරාජයට පත්වූ අයෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම සැකකරුවගේ ජීප් රථය කාත්තන්කුඩි ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. උපුටා ගැනීම මවුබිම