September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බාලිකා විද්‍යාලයට ලිපිය එවූ පුද්ගලයා හොයාගත්තු හැටි

යාපනයේ  චුණ්ඩිකුලි බාලිකා විද්‍යාලයට අයි එස් අයි එස් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලිපියක් එවූ පුද්ගලයා ඊයේ (6) දා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අයි එස් අයි එස් ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කොට  ඒ මගින් විද්‍යාලයට ප්‍රහාරයක් එල්ල කාර්ණ බවට තොරතුරු සදහන් කොට යාපනයේ චුණ්ඩුකුළි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වෙත ලිපියක් එවා තිබුණේ පසුගිය සතියේදීය. මේ පිළිබදව  විදුහල්පතිනිය යාපනය පොලීසියට පැමිණිලි කොට තිබුණි.

පොලීසිය මේ ලිපිය ඔස්සේ දැඩි විමර්ශනයක් ආරම්භ කළ අතර පාසල් සදහා දෙවන වාරයේ ආරම්භක අක්ටයුතු සිදුවන දා පාසල නියමිත පරිදි ආරම්භ කරණ ලෙසද පොලීසියෙන් විදුහල්පතිනියට උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව පොලීසිය දැඩි විමර්ශනයෙන් යුතුව පසු වෙද්දී ලිපිය එවන ලද  පුද්ගලයාද පාසල අසලට පැමිණ ඒ පිළිබදව  මිතුරන් සමග  තොරතුරු පැවසීමේදී ලිපිය එවා ඇත්තේ මොහු බවට තොරතුරු අනාවරණය වී තිබේ. යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි කරුවකු වන ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී විශාල පිරිසක් ඔහුට පහර දීමට උත්සහ කොට ඇත.ඉතා අසීරුවෙන් සැකකරුව පොලීසිය වෙත රැගෙන ගොස්  ඔහුගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යනු ලබයි.