October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අනුරාධපුර නිවසකින් භූගත බංකරයක් සොයාගනී

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ක්‍රියා සමයේ අනුරාධපුර නීරාවිය ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයෙකු ඉදිකල නිවසක පොලව යට රහසිගතව සැකසු භූගත බංකරයක් පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට හමුවී තිබෙන අතර එම නිවස අයිති පුද්ගලයා නිවස වෙනත් පුද්ගලයෙකුට අලවිකර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානීය බුද්ධි අංශයේ සමාජිකයන්ට ගම්වැසියන් පිරිසක් අදාල නිවසේ භූගත බංකරයක් සකසා තිබෙන බවට ලබාදුන් නිවැරදි තොරතුරකට අනුව පොලිස් නිලධාරින් පිරිසක් එහි ගොස් නිවස පරික්ෂාවට ලක්කල අවස්ථාවේ නාන කාමරයක් තුලින් රහස් දොරටුවක් හමුවී ඇති අතර එය විවරකර බැලීමේදී භූගත බංකරයේ රහස් දොරටුව ආසන්නයට එන තෙක්ම ජලය පුරවා තිබී ඇති අයුරු දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තතුදත් ගම්වැසියෙකු මෙසේ පැවසුවේය.මෙම නිවස හැදුවේ මිට වසර දහතුනකට විතර කලින්.ඒ කියන්නේ 2006 වසරේ විතර.එතකොට පොලව යට ඉතා හොද තත්වයේ භූගත බංකරයක් තැනුවා කියලා අපිට දැනගන්න ලැබුණා.නමුත් අපිට ඒ පිළිබදව කිසිදු සැකයක් ඇතිවුණේ නෑ. මේ කාලයතුලදී තමයි අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනෙත්.මේ ස්ථානයේ පුපුරන ද්‍රව්‍ය ආයුද සැගවුවද කියලා අපිට දැන් සැකයක් මතුවෙනවා.පසුව මේ මුස්ලිම් ජාතිකයා නිවස සිංහල මහත්තයෙකුට නිවස අලවි කරලා ප්‍රදේශයෙන් පලාගියා.