October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පාස්කු ඉරිදා දිනට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලිපිය

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්- අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරටසෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර අදාල ලිපිය මෙරට සෞදි තානාපතිවරයා වෙත එවා ඇති අතර හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ එම ලිපියෙහි දක්වා තිබෙනවා. ඒ අනුව පහත සදහන් කරුණු සම්බන්ධයෙන් මෙරට සිටින සෞදි තානාපතිවරයාට සිය අවධානය වහා යොමු කරන ලෙසයි එහි දක්වා තිබෙන්නේ.

1). ඔබ සතු දේශීය සහ විදේශීය කණ්ඩාම් වලට අදාළ සියළුම පරිඝණක දත්ත මකා දැමීමට හා ලිපි ලේඛණ විනාශ කිරීමට පියවර ගන්න. අවශ්‍ය නම් තානාපති පරිශ්‍රය තුල ඇදිරි නිතිය පැනවීමට පියවර ගන්න.

2). ඉදිරියේදී පැවැත්වීමට නියමිත කතෝලික ආගමේ පාස්කු සමය එළඹෙන බැවින් ඉදිරි දින කිහිපයේදී මහජනයා බහුල වශයෙන් රැස්වෙන ස්ථාන, දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින ලෙසට තානාපති කාර්යාලයේ සේවකයින්ට, තානාපති උපදේශකයින්ට, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සාමාජිකයින් දැනුවත් කරන්න.

3) ශ්‍රී ලංකා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් හෝ සදහනක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට වහා දැනුම් දෙන ලෙස සෞදි විදේශ කටයුතු ඇමතිවරයා තනාපතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ලිපිය එවීමෙන් දින 05 කට පසු ආගමික සිද්ධස්ථාන තුනක්, ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08 ක් ඉළක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් දින 05කට පසුව මෙරට සිටින සියළුම අරාබි පුරවැසියන්ට රටින් පිටවන ලෙස මෙරට සෞදි තානාපති කාර්යාලය නිවේදනය කළා.