October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මුස්ලිම් පල්ලියේ උගන්නපු මව්ලවි මාට්ටු

අනුරාධපුර පුජා නගරයට නුදුරුව පිහිටි තිසාවැව නිරාවිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් ධර්මය උගන්වන පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන මව්ලවිවරයෙක් සහ තවත් මුස්ලිම් ජාතික පුද්ගලයෙක් ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර පොලිසිය අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරින් ලබා දුන් තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව පොලිසිය අද (03) පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අන්තවාදී මුස්ලිම් සංවිධානයක දේශන ඇතුළත් දර්ශන පටිගත කර තිබු ලැප්ටොප් පරිගණකයක් සහ සංයුක්ත තැටි (සි.ඩි තැටි ) පනහකට වැඩි සංඛ්‍යාවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාර මව්ලවිවරයාත් සිය නිවසේ හිස් බිස්කට් ටින් එකක් තුල බහා තිබියදී සොයා ගත් රුපියල් පන් ලක්ෂ හැත්තෑ දහසක මුදල් ප්‍රමාණයක් තමන්ට ලැබුණු ආකාරය හෙළිකර කිරීමට අපොහොසත්වීම නිසා අනෙක් සැකකරුත් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර මව්ලවිවරයා හොරොව්පොතාන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විසි නව හැවිරිදි වියෙහි පසුවන බව පොලිසිය පවසයි.එම සැකකරු ඉගැන්වීම් කටයුතු සිදු කරන නිරාවිය මුස්ලිම් පල්ලියේ පවත්වාගෙන යන පාසලේ මුස්ලිම් ළමයින් හැත්තෑ දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. මේ අතර එම පාසල රජයේ කිසිඳු අවසරයකින් තොරව පවත්වා ගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.තමන්ට රුපියල් පන් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් ලැබුණු ආකාරය අනාවරණය කිරීම සඳහා අපොහොසත්වීම නිසා අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තිස් හත් හැවිරිදි වියෙහි පසුවන අයෙකි.ඔහු අනුරාධපුර නගරයේ කඩ තිහ ප්‍රදේශයේ හෝටලයක් පවත්වා ගෙන යන අයෙකු බවද අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර ගෙන යන බවත් ලැප්ටොප් පරිගණකය සහ සංයුක්ත තැටි වල අන්තර් ගතව ඇති දෑ පිළිබඳව පරික්ෂා කිරීමට නියමිත බවත් පොලිස් නිලධාරියෙකු පැවසිය. අනතුරුව සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාගේ මෙහෙයවීම මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක සහ සැරයන් නන්දසිරි (12577) යන මහත්වරු යුද හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

උපුටා ගැනීම මවුබිම