October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අපිට ඕනේ දේ ලබා ගන්න Try නොකර දුක් වෙන්න අයිතියක් නැහැ

අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක යන දෙපල මගින් නිර්මාණ වූ මෙම ‘වස්ති Production’ අද වනවිට ලංකාවේ YouTube චැනල් අතරින් විශාල ලෙස ජනප්‍රියත්වයට පත් සහ විශාල පිරිසක් එක් රොක් වී ඉන්නා තැනකි. මේ අතරින් කැපී පෙනෙන චරිතයක් වන අනුෂ්ක උදාන ගායකයෙකු ලෙස සහ Social Entertainer කෙනෙකු ලෙසද ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මේ දවස්වල මොකද වෙන්නේ?  මේ දවස්වල ප්‍රසංග එක්ක වැඩේ යනවා. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව වගේ කොළඹින් ඈත ප්‍රසංග ටිකක් තමයි ගන්නේ. කොළඹ අවට වැඩ වෙනවා ටිකක් අඩුයි. මියුසික් පැත්තෙන් ගත්තොත්, මගේ පංජාබ් සිංදුවක් එන්න තියෙනවා. ඒකේ ඕඩියෝවේ වැඩ ඉවර කරගෙන යනවා. වීඩියෝවත් ඉක්මනට ශූට් කරනවා. ඒ වැඩකටයුතු එක්ක තමයි මේ දවස්වල වැඩ වෙන්නේ.

ඔබ Youtuber කෙනෙක් වෙන්නේ ඔබේ ගායකයාව එළියට ගන්නද?  මගේ ලොකුම උවමනාව තිබ්බේ ගායකයෙක් වෙන්න. පොඩි කාලේ ඉඳන්ම තිබ්බ දේ තමයි ඒක. ඒ කාලේ ඉඳන්ම කලේ මියුසික්. සමස්ථ ලංකා ජයග්‍රහන 3 වසරේ ඉඳන් 13 වසර දක්වා ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන කලවමේ තියෙනවා. මම සෞනදර්ය විශයට මම කලේ නාට්‍ය හා රංග කලාව. උසස් පෙලේදී මම ගණිත අංශයට යොමුවුණේ මගේ ගෙවල් වල උවමනාවට සහ මගේ යාළුවෝ ටිකත් ඒ පැත්තට ගිය නිසා ඒ අය එක්ක ඉන්න ඕනකමට මමත් ගණිත අංශයට යොමු වුණා. මූලික ආසාව තිබ්බේ කවදා හරි සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. ඒක ගායකයෙක්ද, වාදකයෙක්ද, මියුසික් කම්පොසර් කෙනෙක්ද, අධ්‍යක්ෂකවරයෙක්ද කියන එක හිතේ තිබ්බේ නැහැ. නමුත් මම පාසල් යන කාලේදීත් කලේ මේ දේම තමයි. නාට්‍ය හැදුවා, රඟපෑවා සහ සංගීතය කලා. ඒකම තමයි මම පාසලෙන් ඉවත් වුණාම පස්සෙත් කෙරුවේ. ඒ දෙකම සමබරව කර ගන්න අවස්ථාව ලැබුණේ Youtube හින්දා. Youtube කියන දේ Free නේ. ඒක ඇතුලේ ඕන දෙයක් දාන්න පුළුවන්. නමුත් මම මුලින්ම සිංදුවක් කරලා ඒක FM සහ TV වල Play කර ගන්න පැකේජ් ක්‍රමයට ආව නිසා තමයි Youtube වලට බර වුණේ. තනියම දෙයක් කරනවා නම් Youtube තමයි. පාසල් කාලේ කරපු දෙයක් දිගටම Youtube එක ඔස්සේ Continue කරන්න ගත්තා.

අම්මාගේ හීනය වුණේ මේක නෙමේ නේද?   අම්මා කොහොමත් සංගීත පැත්තට බරයි. එයාගේ පවුලේ පැත්තේ අය කොහොමත් සංගීතයට කැමති අයයි. හැබැයි සංගීතයට කැමති වුණාට මම කරනවාට කැමති වුණේ නැහැ. මොකද එයාලාගේ කාලේ සංගීත කරපු අයගේ ජීවිත විනාශ වුණ විදිහ දැකලා ඒ පැත්තට ගියොත් මම විනාශ වෙයි කියන තැන තමයි එයා හිටියේ. &ඉගෙන ගෙන වැඩක් කරපං* කියන තැනට තමයි මාව දාලා තිබුණේ. ගෙදරින් ප්‍රශ්න පවා ඇති කරගෙන තමයි සංගීත පැත්තට බැස්සේ. මගේ ගමන නැවැත්තුවේ නැහැ කර ගන්න දුන්නා ඒ වැඩේ. හැබැයි එයා දැක්කේ මේ දේවල් කරලා කවදා හරි අවසන් ප්‍රතිපලේ බැරෑරුම් තත්ත්වයකට එයි කියන දේයි. නමුත් අද වෙද්දී මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වුණා මේ දේවල් වලින් මනුස්සයෙක් ඇති වෙන්නත් පුළුවන් කියලා. අද අම්මා මම ඉන්න තැන ගැන සතුටු වෙනවා. හැබැයි එයා බලාපොරොත්තු වුණේ මීට වඩා වෙනස් දෙයක්. මම සාමාන්‍ය පරිදි රස්සාවක් කරලා හම්බ කරන තැන තමයි අම්මා හිටියේ. එයා බලාපොරොත්තු වුණාට වඩා මෙතනින් මම දැන් හම්බ කරනවා.

Youtube ඔස්සේ ලැබුණු ජනප්‍රියත්වයක් සහ රසික ආදරය නඩත්තු කිරීම ගැන ඔබේ අදහස?   ඒක තමයි තියෙන අමාරුම වැඩේ. Social Media හරහා ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. එක වීඩියෝවක් ඇති. සෝෂල් මීඩියා ඇතුලේ හිනා වෙවී මුකුත් නොකර කැමරා දිහා බලන් හිටියහොත් ඒක ජනප්‍රිය වෙන්න ප්‍රමාණවත්. මේකේ ඇතුලේ ජනප්‍රිය වෙනන පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න නෙමෙයි. හැමෝම දන්න චරිතයක් වෙන්නේ Social Media ප්‍රමාණවත්. පාරෙ යද්දී ලෙස්සලා වැටෙන එක කවුරු හරි වීඩියෝ කරලා දැම්මත් ඒක ජනප්‍රිය වෙන්න පුළුළුන්. ඒක තමයි Social වල තියෙන බැරෑරුම්කම. මම ජනප්‍රිය වුණේ අහඹු විදිහට නෙමෙයි. ඒ Content දාලා. ඉස්සර නම් අවුරුද්දට වීඩියෝ 12ක් 15ක් විතර දැම්මා. දැන් හැමවෙලේම දාන්නේ නැහැ. වස්ති වලට History යක් තියෙනවා. අපි කොහෙන්වත් කඩා පාත්වුණේ නැහැ. අපිට යම් කිසි තැනක් හදා ගන්න අවුරුදු 05 ක් විතර කාලයක් ගියා. ඒ දෙය වුණාට පස්සේ පවත්වා ගන්න එක තමයි අමාරුම දේ. ඒක තමයි කැපවීමෙන්ම සහ ඔළුවෙන්ම කරන එකම වැඩේ. තාමත් අපි වීඩියෝ හදන්නේ මගෙයි තඩියගෙයි (දුලාජ්) අවශ්‍යතාවය මත. වීඩියෝවක් දාන්න දැන් හරි කාලය කියලා අපි දෙන්නට හිතුනොත් අපි දෙන්නා තීරණ කරලා දානවා. YouTube Audience එක තමයි අංක 01. Concept එකක් වුණත් මාස ගාණක් පල් වෙන්න මම හිතනවා. Script එකක් වුණත් ගැනත් හොඳට හිතනවා. දැන් රසිකයන්ව වස්ති වීඩියෝවක් එනකන් බලන් ඉන්න මට්ටම පත් කරලා තියෙන්නේ.

YouTube හේතුවෙන් ලැබුණු දේවල් නිසා ජීවිතය නොසිතු පැත්තකට හැරුණා නේද?  ඇත්තට මං ගැන පුදුම විදිහට සන්තෝෂයි. ආඩම්බරයක් නෙමෙයි. මම කරන දේ මොනදේ වුණත් කමක් නැහැ. ඒක අවසන් ප්‍රතිපලය මම විඳ දරා ගන්නවා කියන තැන මම හිටියේ. මම Concept හැදුවට මම Create කරාට මාත් එක්ක පටන් ගත්ත දවසේ ඉඳන් ඉන්න පිරිසක් ඉන්නවා. අද වෙද්දී වස්ති Production කියන්නේ Pvt Ltd Company එකක්. මේකේ පඩි දෙනවා. මම පඩිගෙවාගෙන යන පිරිසක් ඉන්නවා. මේක අපි හවුලේ කරන වැඩක්. සන්තෝසෙට තියෙන ප්‍රධාන කාරණාව ඒ සෙට් එක තමයි තාමත් ඉන්නේ. වස්ති පටන් ගද්දී බස් එකේ ගියේ, අද වෙද්දී මම හොඳ වාහනයක් පදිනවා. අද මම මේකෙන් ජීවත් වෙනවා. හැමෝමව ජීවත් කරවනවා. ප්‍රඩක්ෂන් ඇතුලේ කරන වැඩ වලින් හැමෝටම යම් කිසි මුදලක් එනවා. ඉතිං මට සන්තෝෂයි කරපු වැඩේට හැමෝටම සාධාරණයක් කරගෙන ඉස්සරහ යන්න පුළුවන් වෙච්ච එක ගැන.

‘වස්ති’ කණ්ඩායමේ රඳාපැවැත්ම ගැන දකින්නේ කොහොමද?  ඇත්තටම YouTube එක කර්මාන්තයක් විදිහට මට පෙන්නේ නැහැ. මේක යම් කිසි Platform එකක්. මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. YouTube කියන්නේ, ඉරාජ්වත්, වස්ති, Chanux වත් නෙමෙයි. මේ දේ අපි හැමෝටම ලැබිච්ච දෙයක්. මම කෙලින් කතාකරන නිසා ගොඩාක් දේවල් නැතිවුණා. ඒවගේම ගොඩක් දේවල් හම්බ වුණා. පුළුවන් තරම් හැම දෙයකම විනිවිද භාවයක් ඇතුව කරන්න ඕනේ. කරන දේ ගැන අවබෝධයක් ඇතුව කරන්න. අපි කරන Episode හැම එකක්ම අපි කතා කරලා කරන්නේ. එක Episode එකේ කෙල්ලෙක්ට රඟපාන එකා සමහර වෙලාවට කියනවා &ඊළඟ එකේ කෙල්ලෙක්ට රඟපාන්න බෑ* කියලා. ඊට පස්සේ මම ඔළුවෙ තියන් ඉන්නවා “ඊළඟ වැඩේදී මූව කෙල්ලෙක්ට දාන්නේ නැහැ” කියලා. ඒක ඇතුලේ වැඩක්. ඒ විදිහට කතාබහ කරනවා. කැමරාවේ ඉස්සර විතරක් නෙමෙයි අපි රඟපාන්නේ. අපි සාමාන්‍ය ජීවිතයෙත් අපි යාළුවෝ. අපි හැමදාම පුළුවන් වෙලාවට හවස හම්බෙනවා. ඉස්සර O/L කාලේ හිටපු යාළුවෝම තමයි අද මේ වෙනකන් ඉන්නේ. හැමදාම ඒ හම්බ වෙච්ච පුරුද්දට ඒක එහෙම්ම යනවා. මේක පවුලක්. ඒක කඩා ගන්නේ නැත්තේ ඉස්කෝලේ කාලේ ආශ්‍රය කරපු ආශ්‍රයමයි දැනුත් තියෙන්නේ. අපි කාටවත් හොරෙන් අවබෝධයක් නැතුව වැඩක් කරේ නැහැ. ප්‍රධාන වශයෙන්ම අවබෝධය තමයි තියෙන්නේ.

සංගීත කටයුතු ගැන කිව්වොත්?  මට උවමනාව තිබුණේ විශාල පිරිසක් ඉදිරියේ Perform කරන්නනේ. මට ඒ අවස්ථාව ලැබුණා. මගේ හිටපු එකම රසියකයා සහ තාමත් රසිකයා තඩියා (දුලාජ්). අපේ කට්ටියගේම හීනයක් තිබ්බේ කවදා හරි උඹ ගායකයෙක් වෙන්න ඕනේ කියන එකයි. ගායකයෙක් වෙන්න ඕනේ කියන දේ මගේ මිනිස්සු දන්නවා. ඒ හීන අස්සේ තමයි මේ වස්ති කියන එකක් පටන් අරගෙන තඩියා (දුලාජ්) එක්ක එකතු වෙලා වීඩියෝ ටිකක් කලේ. එතකොට මේකේ වෙනම කෑල්ලක්. අද තඩියත් (දුලාජ්) මාත් එක්ක Stage නගිනවා. වස්ති කියන Brand එක තමයි Stage එක උඩට එන්නේ Perform කරන්න. ඒක තුලින් තමයි අපි දෙන්නා හම්බ කරන්නේ. වස්ති කියන ඇතුලේ වීඩියෝ කරන අපි දීර්ඝ කාලීනව කරනවා. ඊළඟට යන්නේ මගේ මියුසික්. සමාන්තරව තඩියායි (දුලාජ්) මායි කරගෙන යනවා. එතැනින් එහා හීනයක් නැහැ මට. උවමනා කරන දේ මම Touch කරගෙන ඉවරයි. මගේ ලොකුම තිබ්බ හීනයක්. හැබැයි දැන් ඒක හීනයක් නෙමෙයි. Sponsor පවා කතා කරලා වැඩේ OK වෙලා තියෙනවා. ඒක තමයි වස්ති Film එකක් එන්න තියෙනවා. ඒක මේ අවුරුද්දේ අවසානය වෙද්දී ගොඩාක් දුරට වැඩකටයුතු පටන් ගනියි.

වස්ති අනුගමනය කරන සහ වටා එක් රොක් වන තරුණයන්ට කියන්නේ මොනවාද?   Youtube කියන එක Free. මාව කොහොම හැඳින්වුවත් කමක් නැහැ. හැබැයි මම කැමති මාව YouTube කෙනෙක් කියලා හඳුන්වනවාට. මම කරන්නේ Entertainment. මේකේදි මට මිනිස්සුන්වට අඬවන්නත් පුළුවන්, හිනස්වන්නත් පුළුවන්. මම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් Project එකක් කෙරුවා. ඒකෙදී ලක්ෂ 18 ක Orders දැම්මා. ඒ අය වෙනුවෙන්. YouTube කෙනෙක්ට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ, කාගේ හරි යටතේ වැඩ කරලා තමන් තෘප්තිමත් නැත්නම්, තමන් ඉන්න තැන තැන Worry වෙනවානම් ඒකට වගකියන්න ඕනේ තමන්. මම 100% දෙයක් විශ්වාස කරන්නේ තමන් මොකක් හරි දෙයකට කැමැත්තක්, මොකක් හරි දෙයක් ගැන හැඟෙනවානම් විශ්වාසයක් තියෙනවා නම් ඒදේ අනිත් අයට වඩා හොඳට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒ හැකියාවෙන් හම්බ කරන්න ගන්න. මුලින්ම සල්ලි එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කැප කිරීම් කරන්න ඕනේ. මම මගේ ජීවිතේ භාගයක්ම කැප කෙරුවානේ. මගේ ජීවිතේ අවුරුදු 10කට වැඩිය මේ දෙයට සෑහෙන්න කැප කිරීම් කරා. ඒකේ ප්‍රතිපලය මම සහ මගේ වටේ ඉන්න අය භුක්ති විඳිනවා. ඉතිං තමන් ගැන විශ්වාසය තියා ගන්න. කිසිම දෙයකට Worry වෙන්න එපා තමන්ට දෙයක් ලැබුණේ නැහැ කියලා. මොකද අපිට ඕනේ දේ ලබා ගන්න Try නොකර දුක් වෙන්න අයිතියක් නැහැ. YouTube එක හැමෝටම පොදුයි YouTube ඔස්සේ අපි කරන්න පුළුවන් දේ අනන්තයි. මම YouTube කරලා පොඩි පොඩි දේවල් ලබා ගන්නවා. පිටරට YouTube කෙනෙක් මාසෙට මිලියන ගණන හොයන්නේ. ඒවගේ තත්ත්වයක් ලංකාවට අනිවාර්යෙන්ම එනවා. ඒ නිසා මේක ඇතුලේ Ready වෙලා ඉන්න. &ඔෆිස් එකක ටයි එකක් දාලා තව එකෙක් යටතේ වැඩ කරනවාට වඩා පට්ට ආතල්, තමන්ගේ දෙයක් Create කරගෙන හම්බෙන රුපියල් 1000*. 1000ක් නෙමෙයි මේකේ ලක්ෂ ගණන් හම්බ කරන්න පුළුවන්. තමන්ගේ Creativity එක ගැන තමන්ට විශ්වාස නම් වැඩේ පටන් ගන්න. වටපිටාව ගැන අදාලම නැහැ.

 උපුටා ගැනීම – සාරවිට / ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප – කවීත් මිලින්ද