April 27, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ප්‍රහාරයට පෙර වීඩියෝ පටය රූගත කළ ස්ථානයත් සොයාගනී

ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටි අතරතුර කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පුද්ගලයින් 3-6ත් අතර පිරිසක ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යුධ හමුදාව ඇතුළු ආරක්ෂා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් පසුව ආරක්ෂක අංශ සහ එම කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් සිදුවුනා. ඒ අනුව අදාළ වෙඩි හුවමාරුව සිදුවු ප්‍රදේශයේ තිබි පුද්ගල මළ සිරුරූ 15ක් මේ වන විට සොයා ගෙන ඇති අතර එහි පිරිමි මළ සිරුරූ 6ක්, කාන්තා මළ සිරුරූ 3ක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ සිරුරූ ඇති බවයි වාර්තා වන්නේ. එසේම බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාවක් සහ දරුවෙකු රෝහල් ගත කිරිමටද පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26) සවස සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇත. මේ අතර  පසුගියදා සිදුකළ බෝම්බ ප්‍රහාරයට පෙර වීඩියෝ පටයක් රූගත කළ ස්ථානය ද මෙම භාණ්ඩ හමුවූ නිවස බව ආරක්ෂක අංශ විසින් සදහන් කර සිටිනවා. පසුගියදා  බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් නිකුත් කළ වීඩියෝ දර්ශනයේ ඔවුන් ඇද සිටින ඇදුම් වලට සමාන ඇඳුම් කට්ටලයක් සහ එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරයද එහි තිබී සොයාගෙන තිබෙනවා.