September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ත්‍රී රෝද රථ රියදුරෝ බුර්කාව වර්ජනය කරයි

පසුගියදා පුපුරාගිය ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර නිසා මේ වෙනකොට ලංකාව පුරා ජනතාව විශාල පීඩනයකින් ඉන්නේ. කොළඹ නගරයට දිනකට ඇතුල්වන වාහන ප්‍රමාණය ලක්ෂ පහකට වැඩියි.බස්නාහිර පලාත තුල ලියාපදිංචි ත්‍රී රෝද රථ ලක්ෂ තුනහමාරක් මගී ප්‍රවාහනයේ යෙදෙනවා.බස්නාහිර පලාතේ ලියාපදිංචි ත්‍රී රෝද රථ වලට අමතරව පිටපලාත් ත්‍රී රෝද රථ ලක්ෂ එකහමාරකට අධික ප්‍රමාණයක් බස්නාහිර පලාත තුලට ඇතුලු වෙනවා.මෙම තත්වය අද පවතින ආරක්ෂාවට විශාල බාධාවක් වෙලා. අප්‍රේල් (29) දා සිට බුර්කාව සහිත මුහුණ ආවරණය කල හා සැකකටයුතු පාර්සල් ඇති මගීන් කිසිවෙකු ප්‍රවාහනය කරන්නේ නෑ .

යම් ත්‍රී රෝද රථ රියැදුරෙක් රාජ්‍ය ආරක්ෂාවට අවනත නොවී මගී ප්‍රවාහන සේවාවේ නිරත වෙනවා නම් නිසි දඩුවම් ලබා දෙන ලෙසත් අදාල ආරක්ෂක අංශ වලින් ඉල්ලාසිටිනවා. පසුගියදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අපේ ත්‍රී රෝද රථ වෘත්තිකයන්ට මේ වන විට විශාල ආර්ථික ව්‍යසනයක් බවට පත්වෙලා තියනවා. කොළඹ අපරාධ සම්බන්ධයෙන් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැනි අය සෘජු සම්බන්ධකම් ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව පැමිණිලි කලා. ඉන් පසු මැතිවරණ කොමසාරිස් එම පැමිණිල්ල සහිත ලිපිය පොලිස්පතිවරයාට යවා තිබුනා.ඒ ලිපියෙන් අපි පැවසුවේ කොළඹ නගරයේ පදික වෙලදාම් නියුක්ත වන වෙලදුන්ට අමතරව මේ මැති ඇමතිවරුන් එහි මුස්ලිම් පාතාලයක් පවත්වාගෙන යන බවයි.