October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සල්ලි තියා මර උගුලක් ලෙස ඇටවූ වැන් බෝම්බය

කොළඹ, කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දියේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක ඊයේ (22) පස්වරුවේ යම් පිපිරීමක් සිදුව තිබේ. එම වාහනය තුල ගෑස් සිලින්ඩර 04ක් යොදා ගනිමින් සකස් කරන ලද බෝම්බයක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේයෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ වෑන් රථය තුල සකස් කර තිබු බෝම්බය ගෑස් සිලින්ඩර් 04ක් සමග ටයිමරයක්ද යොදා සකස් කර තිබු බවයි. ඊට අමතරව එම බෝම්බයට නුලක් ද සවිකර තිබු බවත් ඒ මත රුපියල් 1000 මුදල් නෝට්ටු කිහිපයක්ද අතුරා තිබු අයුරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවත් ඔහු පැවසීය.

එම මුදල් නෝට්ටු දැක ඒවා ගැනීමට කිසියම් අයෙකු ගොස් බෝම්බයට සවිකර තිබු නුල ඇද්දේ නම් එම බෝම්බය එවිටද පුපුරා යන ආකාරයට සකස් කර තිබු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමේදී ඇතිවූ කම්පනයෙන් කොළඹ වාරයේ තාප්පය කඩා වැටී ඇති බවත් ඊට අමතරව අවට නිවෙස් කිහිපයක වහලවල් සහ ජනේල වලට හානි සිදුව ඇති බවත් ඔහු පැවසීය. සැකකටයුතු වෑන් රථයේ සිට පළා ගිය බවට කියන පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් ගේ සහයද ඇතිව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.