September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දෙරණ අවුරුදු කුමරිය තරගය නිසා ගොඩ ගිය දැන් ජනප්‍රිය තරු මෙන්න …

ඇත්තට අවුරුදු මාසය අපේ‍්‍රල් කියන්නෙ මගේ ජීවිතේටත් ලොකු විශේෂත්වයක් ගෙනදුන්නු මාසයක්. මම 2018 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය වුණා. මට හිතුණෙ නෑ ඇත්තටම ජයග‍්‍රහණය ලැබෙයි කියලා. නමුත් තරගය අවසානයේ දී අවසන් 5 දෙනාට තේරී පත් වුණාම පොඩි විශ්වාසයක් ඇති වුණා. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි. මම පළවෙනියටම සම්බන්ධ වුණු අවුරුදු කුමරිය වැඩසටහන තමයි ඒ. මම මේ තරගවලට සම්බන්ධ වෙලා ඉඳලම නෑ. ඒ පිළිබඳ වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ. මම ඇත්තටම මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්නෙ මගෙ යාළුවන්ගෙ බල කිරීමට. ඒ ගොල්ලො තමයි බලෙන්ම අයදුම් පත‍්‍රයක් යොමු කළේ. ඊට පෙර මම වෙළඳ දැන්වීම් නිරූපණයට සම්බන්ධ වෙලා හිටියත් දැන් රැුඳිලා ඉන්න රංගන ක්ෂේත‍්‍රයට එන්න අවුරුදු කුමරිය තරගය ලොකු පිටිවහලක් වුණා කියලා විශ්වාස කරනවා. මගේ ජීවිතේට අපේ‍්‍රල් මාසය ලොකු වාසනාවක් ගෙනාවා.කොහොමත් අපේ‍්‍රල් කියන්නෙ මුළු ලංකාව පුරාම හැම ගෙදරක්ම කළඑළිවන හැමෝම අලූත් වෙන මාසයක්නෙ. මම අවුරුද්ද සමරන්නෙ නම් නෑ. නමුත් මම හරිම ආසයි අවුරුද්දට. ඉතින් හැමෝටම සුභ අලූත් අවුරුද්දක් කියලත් ප‍්‍රාර්ථනා කරනවා.

ඇත්තටම අපේ‍්‍රල් කියන්නෙ මම ඉපදුන මාසයටත් වඩා මට වටින මාසයක්. මගේ ජීවිතේ එහෙන් පිටින්ම වෙනසක් ඇති කළා. ඒ දේ සිද්ධ වුණේ 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවන ස්ථානය ලබා ගැනීමත් සමග මම මේ යන්න හිටපු ගමනකුත් නෙමෙයි. මගෙ යාළුවො තමයි මාව මේ වෙනුවෙන් සම්බන්ධ කළේ. කොහොම හරි 12 දෙනා අතරට තේරී පත් වුණාම මම ආයෙත් යන්න බෑ කියලා ගෙදර නවතින්න හැදුවෙ. මොකද මම ඉන්නෙ නුවරනෙ. කොළඹ යන්න එන්න මහන්සියි. ඉතින් අම්මා කියපු නිසා තමයි ආයෙත් ගියේ. ඒ ගිහින් තමයි අන්තිමේදී දෙවන ස්ථානය ලැබුණෙ. ඉතින් මේ හරහා හිතාගන්න බැරි විදියට ගොඩක් දේවල් මගේ ළඟට ආවා. ජීවිතේට වාසනාව ගෙනාවා. මොකද මට රංගන ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙත් අවුරුදු කුමරිය තරගය නිසානෙ. දැන් මට රංගන ශිල්පිනියක් විදියට ලොකු ආදරයක් ප‍්‍රතිචාරයක් ලැබෙනවා. කොහේ ගියත් ඒ ගැන සතුටුයි. සුභ අලූත් අවුරුද්දක් වේවා කියලත් හැමෝටම ප‍්‍රාර්ථනා කරනවා.

උපුටා ගැනීම – සාරවිට