October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අලුත බැදපු තරු අලුත් අවුරුද්ද සමරන්න හිතිතන් හිටිය හැටි

අකිල ධනුද්දර – මේ පාර අවුරුද්දට නෑදෑයෝ වැඩියි……  අපි හැම පාරම අපේ ගෙදර තමයි චාරිත්‍ර ඉටු කළේ. ඒත් මේ පාර විශේෂයි. මොකද නෑදෑයො වැඩිවෙලා තියෙනවා. ඉතින් කොහොමහරි ප්‍රධාන නෑදෑයන්ගේ ගෙවල්වල යන්නම ඕනෙ. හැම නෑදෑ ගෙදරකටම විනාඩි පහකට හරි ගොඩවෙන්න ඕන. ඒ පුරුද්ද අපේ අප්පච්චි තමයි අපිට පුරුදු කළේ. ඉතින් කොහොම හරි අවුරුද්දට අපේ කලා ලෝකයේ හිත මිත්‍රයන්වත් ඒ වගේම ප්‍රේක්ෂකයන්වත් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

තිසුරි යුවනිකා – අලුත් අමුත්තා එක්ක අවුරුද්ද සමරනවා….  අවුරුද්ද කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම එනකම් බලාගෙන ඉන්න දෙයක්. වයසින් මුහුකුරා ගිහින් කියලා ඒකෙ වෙනසක් නැහැ. තවමත් එහෙමයි. ඉතින් හැමදාම වගේ මේ පාරත් පවුලේ අයත් එක්ක තමයි අවුරුද්ද සමරන්න හිතාගෙන ඉන්නේ. අනෙක් එක මේ පාර අපේ පවුලට අලුතින් අමුත්තෙකුත් එකතු වෙලා ඉන්නවා. ඒ මගේ සැමියා. ඉතින් පවුල් දෙකත් එක්කම අවුරුදු සමරන්න තමයි හිතන් ඉන්නේ. ඊට පසුවදා වෙනදා වගේම ගමේ යනවා.

මාෂි සිරිවර්ධන – මෙදාපාර අවුරුද්ද සමරන්නේ පුබුදුගේ ගෙදර….  අවුරුදු සමරන්න මහත්තයාගේ (පුබුදුගේ) ගෙදර යනවා. පොඩි කාලේ ඉඳන්ම අවුරුද්දට චාරිත්‍ර කරනවා. ඉතින් මහත්තයගෙ ගෙදරදී තමයි මේ පාර ඒ දේවල් කරන්නෙ. තාම මම එච්චර කැවිලි වර්ග හදන්න දන්නෙ නැති නිසා ඒ දේවල් හදන්න මහත්තයාගෙ අම්මට උදවු කරනවා.

මාධවී වත්සලා – හිරු එක්ක අවුරුදු සමරනවා…. හැමදාම වගේ මේපාරත් විවිධ රූපවාහිනි වැඩසටහන් තියෙනවා. මම වැඩ කරන්නෙ හිරු නාළිකාවේ නිසා නාළිකාවේ ඉඳන් සජීවීව තමයි චාරිත්‍ර කරන්නේ. ඊට පස්සේ අපි අත්තම්මලගෙ ගෙදරත් යනවා.

සජිත ඇන්තනී – පවුලේ සාමාජිකයන් වැඩියි සතුටත් වැඩියි….. අපි හැමදාමත් වගේ මේ පාරත් අපේ අම්මලගෙ ගෙදර ඒ කියන්නෙ ආච්චලගෙ ගෙදර යනවා. එයාලා හමුවෙලා චාරිත්‍ර කරලා කැවිලි කාලා අවුරුද්ද සමරනවා. අපේ පවුල ටිකක් කාර්යබහුලයි. ඉතින් අපි එකට එකතු වෙනවා කියන එක බොහොම විරල අවස්ථාවක්. දැන් අපේ පවුලෙ සාමාජිකයන් වැඩියි. ඉතින් සතුටත් වැඩියි.

නිත්‍යවානි – අවුරුද්දට පස්සේ බැංකොක් යනවා……. විවාහයෙන් පස්සෙ එන පළමු අවුරුද්ද මේ පාර අපි සමරන්නෙ. අවුරුදු දවසට අපි කැවිලි හදලා දෙවියන්ට පූජා කරලා ඊට පස්සෙ අපි කෝවිලට යනවා. අවුරුද්දට පස්සෙ දවසෙ බැංකොක් යන්නත් සැලසුම් කරගෙන ඉන්නවා.