September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අලුත් අවුරුද්දට සුබ පතන්න පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් මැදමුලනට ආපු හැටි..!

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපරභාග 02.09 උදාවුණා. අවුරුදු උදාවෙන් පසු අපරභාග 02.42ට ආහාර පිසිමේ නැකත උදා වු අතර රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ කැවුම් යන කැවලි වර්ගද පිළියෙල කිරීම සුදුසු බවයි නැකත් පත්‍රයේ දැක්වෙන්නේ. මෙවර අලුත් අවුරුද්දේ වැඩ අල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකත් අපරභාග 03.54 යෙදී තිබෙනවා. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරනයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභවය සුදුසු බවයි නැකත් පත්‍රයේ සඳහන් වන්නේ. දිවයින පුරා ජනතාව මෙම චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් මෙවර අලුත් අවුරුද්ද සමරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

එසේම උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. චාරිත්‍රනුකූලව තෑගිබෝගද රැගෙන පැමිිණි ඔවුන් එහිදී විපක්ෂ නායකවරයාට සුබ පැතුම් එක් කළ අතර විපක්ෂ නායකවරයා විසින් ඔවුන්ට කෙටි සංග්‍රහයක් ද පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව පැමිණි පිරිස අවුරුදු ක්‍රීඩා කිහිපයකට ද සහභාගී වීම දක්නට ලැබුනා. එම වීඩියෝව මෙතනින් …..