December 7, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සමත් වෙයි

ක්‍රිකට් තරගාවලියේ පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වී ඇත. පැවති තරඟ 6යෙන් 5ක් ජය ගැනීමට චෙන්නායි පිල සමත් වී තිබේ. 23 වැනි තරගය ලෙස ඊයේ(09) පැවති චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට චෙන්නායි පිල සමත්විය. කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දුවට පහරදීමට කොල්කටා පිලට ආරාධනා කළ අතර ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

  • කොල්කටා නයිට්රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108 (ඇන්ඩි්‍ර රසල් නොදැවී 50, දීපක් චහර් 20/3, හර්බජන් සිං 15/2, ඉම්රාන් තහීර් 21/2)
  • චෙන්නායි සුපර් කිංග්ස් – ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී 113 (ෆෆ් ඩු‘ප්ලෙසීස් නොදැවී 43, අම්බති රයිදු 21, සුනිල් නරේන් 24/2