October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අති විශේෂ පුවතකට සූදානමින් සිටින්නැයි මාධ්‍යට ඉහලින්ම දන්වයි

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන පහළොස් වැනි සදුදා දිනයේ අති විශේෂ ප‍්‍රවෘත්තියක් වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇත. පුවත්පතේ හදිසි මුද‍්‍රණයක් සදහා අවශ්‍ය වන සියලුම අත්‍යවශ්‍ය සේවකයින් සූදානම් කර තබන ලෙසද දන්වා තිබේ. මේ අතර එදිනට පාර්ලිමේන්තුව එදිනට විසුරුවා හරින බවට තොරතුරක් ඉහල දේශපාලන කවවල හා මාධ්‍යවේදීන් අතර පැතිර යමින් තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අද අවස්ථා කිහිපයකදීම දේශපාලඥයන්ගෙන් ප්‍රශ්න කළේය. එක් අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවීමට 15 වනදා කිසිම හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ බවත්ය. පාර්ලිමේන්තුව කැදවන්නැයි කිසිදු ඉල්ලීමක් කතානායකවරයාට ලැබී නැති බවත් කී ඔහු 2/3ක යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද පැවසීය.

උපුටා ගැනීම – lanka c news