September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඉන්දීය බුකි කරුවන්ට ක්‍රීඩකයන් සම්බන්ධ කළ කාන්තාවක් හෙළිවේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් දියත් කළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූ!ෂ!ණ මර්ධන ඒකකයේ විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටු රත් කිරීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඉන්දීය බුකි කරුවන් සම්බන්ධ කිරීමේ දේශීය ඒජන්තයෙකු පිළිබඳව මෙම වාර්තාවෙන් හෙළිකර තිබේ. ඉන්දීය බුකි කරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධීකරණය සිදු කළ මෙම දේශීය ඒජන්තයා කාන්තාවකි.  හිටපු ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු විසින් ඇය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හදුන්වා දී තිබෙන බවට මෙම වාර්තාවේ දැක්වෙන බව කියවේ.

36 හැවිරිදි ඇය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග සම්බන්ධතා ගොඩ නගා ගනිමින් ඔවුන් සමග ලිං!ගි!ක සබදතා පවා පවත්වමින් ක්‍රීඩකයන් සමග හිතවත් වී තිබෙන බව හෙළිව තිබේ. ඉන්පසුව ක්‍රීඩකයන් ඉන්දීය බුකිකරුවන් සමග සම්බන්ධ කරමින් තරග පවා දීමට ඔවුන් යොමු කර තිබේ. මෙම කාන්තාව සහ ඉන්දීය බුකිකරුවන්ගේ අනුග්‍රහයෙන් තරග පාවා දීමටද ඇතැම් ක්‍රීඩකයන් කටයුතු කර තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූ!ෂ!ණ විරෝධි කමිටුව විසින් මෙම කාන්තාව හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පවතින විශාලතම තර්ජනය ලෙසටයි.