April 4, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඩුබායිවලින් පිටුවහල් කළ නළු රයන් කටුනායකදී CID භාරයට

මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද සාදයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී එරට අත්අඩංගුවට පත් වූ ජනප්‍රිය නළු රයන් වැන්රෝවන් ඇතුළු තවත් පිරිසක් අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර තිබුණා. ඔවුන් අද දින අලුයම 5.25 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් වුණා. මෙම පිරිසට රයන් වැන්රෝවන්, හිලරි ඇන්ටනි ජෙරාඩ්, කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන්, සුරාජ් කාවින්ද්‍ය සිල්වා, දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් වසීම්ඩීන් යන අය අයත් වනවා.

මේ වනවිට මෙම පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සහ ප්‍රකාශ ලබා ගැනීම සිදු කරමින් සිටිනවා. මේ අතර උද්ගත වී ඇති නව තත්ත්වය පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන ඩුබායි වෙත ඊයේ (03) දින පිටත්ව ගොස් ඇති බව ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු ප්‍රකාශ කළා. (එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.)