October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් දැවැන්ත දඩ මුදලක්…!

බිමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න අද (01) නියෝග කළා. මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි. එමෙන්ම වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර සිටියා. මෙහිදි දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි. නඩුව යළි මැයි 02 වැනිදාට කැදවන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

එසේම බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතියට හානි කළ බව කියමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිමුත් කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 7500 ක දඩ මුදලක් පැනවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ. අදාල දඩ මුදල එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ලබා දෙන තරග ගාස්තුවට සමාන බවද සඳහන්. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිමුත්ගේ ක්‍රීඩක චර්යා ධර්ම ගිවිසුමට අනුව සිදු කළ පරීක්ෂණයකට පසුව ඔහුට මෙම දඩ මුදල නියම කළ බවයි.