April 3, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ගේ පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහුණා, මම ඒ පැත්තට දිව්වා

පීඩනය අඩු කරන්න පුළුවන් හැමදේම කළා.. දරුවා වෙනුවෙන් බෝධි පූජා පවා තිබ්බා.. අපිට වගේ කිසිම කෙනෙකුට දරුවෝ අහිමි වෙන්න එපා.. “දරුවා මුහුණ දුන් වදහිංසා සහ එම පීඩනය අඩු කරන්න අපි පවුලේ අය හැකි හැම පියවරක්ම ගත්තා. නමුත් ඒ සියල්ල යට යන්න තරම් දරුවා මුහුණ දුන් නවක වදය දරුවාගේ මනසට බලපෑම් කර තිබුණා….” නවක වදය විඳ දරාගත නොහැකිව ගෙල වැළ!ලාගෙන මියගොස් සිටි ජාතික විද්‍යා තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටි කුරුණෑගල කුඹුක්ගැටේ වඩුවාව ප්‍රදේශයේ පදිංචි ඩබ්. ඩී. ශනිල්ක දිල්හාන් විජේසිංහ (23) ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදි මියගිය සිසුවාගේ පියා වන මෛත්‍රීපාල විජේසිංහ මහතා පැවසුවා. කුඹුක්ගැටේ හදිසි මරණ පරීක්ෂක එස්. එම්. රාජරත්න බණ්ඩා මහතා ඉදිරියේ සාක්ෂි විමසීම සිදු කළ අතර සාක්කිකරු මෙසේ ද පැවසුවා.

“පුතා 2018 වර්ෂයේ යාපනය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයට ඇතුළු වුණා.. නමුත් ඔහුට ඉගෙනීම් කටයුතු සිදුකිරීම එපාම වුණා. ඒ තරමටම දරුවා එහිදීත් නවක වදය නිසා පීඩාවට පත්වුණා. ඒ නිසා දරුවා යාපනය කැම්පස් එකෙන් ඉවත්වෙලා ගෙදර ආවා…” “දරුවා සිවිල් ඉංජිනේරු විෂයට ඉතාම ආසයි. ඒ කැමැත්ත නිසාම ඔහු නැවතත් හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණික ආයතනයට ඇතුළත් වුණා. නමුත් එහිත් ඉගැනීම දරුවාට මහත් පීඩාවක් වුණා. ඒ නවක වදය නිසා… ඔහු ගෙදර ඇවිත් නිතර කියනවා ජ්‍යෙෂ්ඨ සිසුන් ඉතාමත් පීඩාකාරී විදිහට වද දෙන බව… පසුගිය පෙබරවාරි මාසයේ 15 වැනිදා එම ආයතනය වසා දැමීම නිසා පුතා ගෙදර ආවා. ඒ අවස්ථාවේ අධ්‍යාපන ආයතනය වසා දැමුවෙත් නවක වදය උග්‍රවීම නිසා බවයි කිව්වේ. පුතා නිවසේ රැඳිලා ඉන්න කාලය තුළ අපිට දැණූනා ඔහු හිටියේ දැඩි පීඩනයකින් බව. ඒ නිසාම අපි ඔහු කුරුණෑගල මනෝ වෛද්‍යවරයෙකු ළඟටත් යොමු කළා…”

“දරුවා මුහුණ දීපු වදහිංසා හා එම පීඩනය අවම කරන්න අපි පවුලේ අය හැකි හැම පියවරක්ම ගත්තා. අපි වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව ආගමික පැත්තෙනුත් පිළිසරණ හෙව්වා. දරුවා වෙනුවෙන් බෝධි පූජා පවා තිබ්බා. ඔහුගේ මානසික පීඩාව නිසාම දරුවා ගැන නිතර අවධානයෙන් පසුවුණා… පසුගිය 31 වැනිදා මම ගල්ගමුවේ ගියා මගේ වැඩකට.. හවස් වෙලා ගෙදර ඇවිත් ළඟ ගෙදරකට ගියා නිවසේ ඉදිකිරීම් වැඩකට පෙදරේරුවෙකු හමුවෙන්න. ඒ වැඩේ ඉවර කරලා එනවිට නිවස පැත්තෙන් කෑ ගහනවා ඇහුණා. පසුව ගිහින් බලද්දි පුතා වත්ත පහළ කජු ගහක එල්ලිලා සියදිවි හානිකරගෙන. නමුත් ශරීර උෂ්ණත්වය රැඳි තිබුණූ නිසා යම්කිසි හෝ බලාපොරොත්තුවක් තබාගෙන ඉක්මනින් සුවසැරිය රථය ගෙන්නගෙන ඔහු රෝහලට රැගෙන ගියා…”

දරුවාගේ මවගෙන් සාක්කි ලබාගැනීමට උත්සහ කළද එම අවස්ථාවේ සිහිසුන් වූ දරුවාගේ මව රෝහල්ගත කළ බැවින් කටඋත්තර ලබා ගැනීමට නොහැකි වුණා. නවකවදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය යුතු බවත්, දරුවා තමන්ට අහිමි වූවා සේ සෙසු මවුපියන්ට නවක වදයෙන් තම දරුවන් අහිමි නොවේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ඔහු පැවසුවා. මිය ගොස් ඇති ශනිල්ක දිල්ශාන් 2018 වර්ෂයේ භෞතික විද්‍යා පීඨයේ මාස 6ක් අධ්‍යාපනය ලබා තිබෙනවා. අනතුරුව ඉන් ඉවත් වී 2019 ජනවාරි මස හෝමාගම දියගම පිහිටි ජාතික වෛද්‍ය තාක්ෂණික ආයතනයේ සිවිල් ඉංජිනේරු තාක්ෂණය හැදැරීමට ඇතුළත් වී ඇති අතර ඔහු විසින් ලියන ලද ලිපියක් මරණ පරීක්ෂණයේදි ඉදිරිපත් කරනු ලැබුවා.