April 2, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

2019 IPL තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය සෑම් කරන්ගෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මොහාලිහිදි ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 152 කට සීමා කිරීමට සෑම් කරන් ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ. 2019 අයිපිඑල් තරඟවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ සෑම් කරන් ඕවර 2.2 ක් යවමින් කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 11 ක් පමණක් ලබාදෙමිනි.

දිල්ලි කණ්ඩායමට පෙනෙන මානයේ තිබූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීම සඳහා කරන්ට අනගි සහායක් දුන් නායක රවිචන්ද්‍රන් අෂ්වින් සහ මොහොමඞ් සාමි කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ. දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 26 කදී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කොලින් ඉන්ග්‍රම් (38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් වූ නමුත් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස්කළේය. පන්ජාබ් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 58 ක් ඇතුළත බිඳවැටුණ නමුත් සර්ෆරාස් ඛාන් (39) සහ ඩේවිඩ් මිලර් (43) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ස්ථාවර තත්වයකට රැගෙන ආහ. එහිදී පන්දු 30 කට මුහුණදුන් මිලර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 29 කදී වාර්තා වූ සර්ෆරාස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය. මන්දීප් සිං පන්දු 21 කින් නොදැවී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. එම වීඩියෝව මෙතනින් ……..