October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මින් ඉදිරියට රථ වාහන රියදුරන්ට බේරුමක් නෑ

රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම රථ වාහන වැරදි වනුයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ. මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩයද වැඩි කර ඇත. නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කරීමටත් අපේක්ෂා කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. මෙම ගැසට්ටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත.