
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් කො!කේන් මත්!ද්‍රව්‍ය කිලෝ 729 කට ආසන්න ප්‍රමාණයක් අද (01) දිනයේ විනාශ කිරීම සිදුවනවා. ඒ, සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේදීයි. මත්!ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි කියාසිටියේ පොලිස් මත්!ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මත්!ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකරන බවයි.
අද දිනයේ මෙම මත්!ද්‍රව්‍ය තොගය විනාශ කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයෙන්. ජනාධිපතිවරයා ඊයේ කියාසිටියේ මත්!ද්‍රව්‍යවලට එරෙහි සටන සාර්ථකව අවසානයක් කරා මෙහෙය වන බවයි. නීතිවිරෝධී මත්!ද්‍රව්‍යවලට එරෙහි සියළු නීති මේ වනවිට ශක්තිමත් කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. විනාශ කිරීමට සූදානම් කර ඇති කො!කේන් තොගය රසායනික ද්‍රව්‍යක් තුළට දමා පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව පරිශ්‍රය වෙත රැගෙන ගොස් විනාශ කිරීමට කටයුතු කරනු ඇති.
More Stories
ලංකාවේ විද්‍යාඥයෙකුගේ නවතම සොයා ගැනීම
පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්
පාසැල් සිසුවෙකු ආහාර ඇසුරුම බෑගයෙන් පිටතට ගැනීමේදී පුදුම දෙයක් වෙලා