November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න

පසුගිය දෙසැම්බර මාසයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 656,984 ක් අයදුම්කර ඇති අතර, අපේක්ෂකයින් 518,184 ක් විභාගයට පෙනී සිට ඇත. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා පෙනී සිටීමට සියයට 71.66ක් සුදුසුකම් ලබා තිබේ.

සමස්තයක් ලෙස මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 64.11ක ප්‍රතිශතයක් ගණිතය සමත් ව ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය. ඒ අනුව A සාමාර්ථ 9ක් ලබා ගත් සිසුන් සංඛාව 9413 වනවා. මේ අතර මාර්තු මස 28 වන දින නිකුත් කරන ලද අ.පො.ස.සාමාන්‍ය පෙළ-2018 විභාගයට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතික පත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මඟින් අප්‍රේල් මස 1 වන දා සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය.

1 වැනි ස්ථාන – කොළඹ විශාඛා විද්‍යාලය – නිලක්නා දිසිවරී වරුෂවිතාන

2 වැනි ස්ථාන –

  • කොළඹ විශාඛා විද්‍යාලය – සචිදි හංසදී
  • ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය – සංජානි දිලේකා කුමාරි
  • මාතර සුජාතා විද්‍යාලය – මින්දි රෙබෙකා

3 වැනි ස්ථාන – කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – ගයාත්‍රි හර්ෂිලා

4 වැනි ස්ථාන –

  • කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලය – සදලි මුතුනිමා
  • කොළඹ රාජකීය විද්‍යාලය – සහන් යසංක
  • කොළඹ රාජකීය විද්‍යාලය – කවිරු මෙත්නුක
  • ගාල්ල මහින්ද විද්‍යාලය – ශස්මිත ආකාශ්වර
  • හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – හිමාෂි එරන්දිකා