
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන වැගන් ආර් (wagon r ) මින් ඉදිරියට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පැවැසීය. 2019 අය-වැයෙන් රථ වාහන සඳහා වන බදු ඉහළ දමා ඇති මොහොතක වැගන් ආර් රථ ආනයනය නතර කිරීම නිසා මෙරට රථ වාහන කර්මාන්තය කඩා වැටෙනු ඇතැයිද හෙතෙම කීවේය. ඔහු එම අදහස් පළ කළේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ කොළඹදී ඊයේ (27දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
ජපානයෙන් මේ වන විට වැගන් ආර් රථ 55,000කට අධික සං්‍යාවක් ආනයනය කර ඇති බවත් ඉන් 50,000කට අධික ප්‍රමාණයක් හයිබි්රඩ් රථ ලෙස සලකා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති බවත් මෙරිංචිගේ මහතා කීවේය. එහෙත් රේගුව විසින් වැගන් ආර් රථ පෙට්‍රල් වාහන ලෙස සලකා නිෂ්කාශනය කිරීම නිසා රුපියල් 1,25,000ක අමතර බද්දක් ගෙවීමට සිදුවන බවද පැවැසීය. ඒ අනුව වැගන් ආර් රථයකින් රුපියල් 16,25,000 බදු අය කරන බවද එම බද්ද මීට වසර 4කට පෙර පැවැතියේ රුපියල් 8,25,000 ප්‍රමාණයකට බවද මෙරිංචිගේ මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා: මෙවර අය-වැය මඟින් වාහන ආනයන බදුවලින් රුපියල් මිලියන 48,000ක් අපේක්ෂා කරන බවත් එය සමස්ත බදු ආදායමෙන් 38%ක් බවත් කීවේය. වාහන ආනයනය කඩා වැටුණොත් සියලු බදු අහිමිවී රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය. රේගුව අසාධාරණ ලෙස වැගන් ආර් රථ සඳහා අය කරන බදු නතර කිරීමට මුදල් අමාත්‍යාංශය මැදිහත්විය යුතු බවද ඔවුහු සඳහන් කළහ.
More Stories
ප්‍රංශයේ සිට එංගලන්තයට මිනිසෙකු පියාඹා යයි
ලංකාවේ විද්‍යාඥයෙකුගේ නවතම සොයා ගැනීම
පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්