November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මුහුදු ජලයෙන් විදුලිය නිපදවන රුහුණු විශ්ව විද්‍යාලයේ කොල්ලෝ

මුහුදු රළේ විදුලි බලේ… රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තියෙන්නෙ ගාල්ලේ හපුගල. ඉංජිනේරු සිසුන් දෙදෙනකු තමුන්ට ළඟපාත තිබෙන ගාලු මුහුදෙ රළ ආශ්‍රෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් ගැන සොයාබැලුවා. ඔවුන් පළමුව ක්‍රම කිහිපයක් විද්‍යාගාර තුළදී අත්හදා බලා තිබෙනවා. ඒ අතුරින් දැනට පවතින ක්‍රම කිහිපයකට මුහුදු රළ නිපදවීමේ ඇති හැකියාව ඔවුන් සොයාබලා තිබුණා. ලෝකයේ සමහර ගොඩබිම්වල වෙසෙන ජනයාට මුහුද කියන්නේ කලාතුරකින් හමුවෙන දෙයක්. ඒත් අපිට නම් රට වටේටම තියෙන මුහුදට පෑ කිහිපෙකින් ළඟාවෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. මේ රට වටා තියෙන මූදේ මහා උස රළ ගෙඩි නැගෙනවා. එයින් එන බලයෙන් වෙලාවකට තද කුණාටු වෙලාවට වෙරළ අයිනේ ගස් මුල් මුහුදට ගසාගෙන යනවා. ඒ තරම් බලයක් තියෙන සාගර රැලි වලින් විදුලිය නිපදවන්න බැරිද. සාගරය ජලය ඇසුරින් විදුලිය නිපදවීම ලෝකයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි. විදුලිය නිපදවීමේ එක් ක්‍රමයක් වන්නේ

සාගර ජලයෙන් විදුලිය නිපදවීමේ වාසි…. කදුකරයේ ජල විදුලිබලාගාර වැසි නොවැටුණොත් ජලවිදුලිය. පායන කාලයට මේ සුවිශාල කදුකර ජල විදුලි බලාගාරවලින් එතරම් වැඩක් ගන්නට බැහැ. ඒත් මුහුදු රළ කියන්නේ හැම කාලයකදීම තියෙන දෙයක්. ඒ වගේම ගල් අගුරු ඉන්ධන වගේ මාධ්‍යවලින් විදුලිය නිපදවන්න යනවා වගේ විශාල වියදමක් යන්නෙත් නැහැ සාගර ජලයට. සාගර ජල තරංග වලින් හැදෙන බලාගාරයක් මගින් ගල් අගුරු සහ ඉන්ධන දහනය කරනවා වගේ ලොකුවට පරිසර හානියකුත් නැහැ. මුහුදු වෙරළ ආසන්නයේ ස්ථාපනය කරන නිසා යම් හානියක් පරිසයට සිදු වුවත් ගල් අගුරු හෝ ද්‍රව ඉන්ධන වගේ අපේ වායුගෝලයට හානියක් කරන්නේ නැහැ.

සාගර ජලයේ ඇති අභියෝග…. වාරකන් කාලයට වේගයෙන් රැල්ල ගහනවා. තවත් කාලෙකදි රැල්ල හරිම නිසොල්මන්. මේ වෙනස සමහර විට පැය කීපයක පවා වෙනස් වෙන්නට හැකියි. ඉන්ධන දහනය හෝ ජල විදුලිය හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී ඒ ශක්තිය සීමා කරන්නට පුළුවන්. ඒත් මුහුදු රළ සහ උදම් රළවලින් බලය ලබාගැනීමේදී බලශක්ති ප්‍රභවයට එහෙම සීමාවක් පනවගන්න එක සෑහෙන අමාරුයි. මුහුද කියන්නේ ලවණ තියෙන තැනක්. ඉතින් පාවිච්චි කරන දේවල් මුහුදු ජලයට සුළඟට ඔරොත්තු දෛන ඒවාත් වෙන්නට ඕනි. සාගර ජල සම්පත පාවිච්චි කරන කොට ඉන්ධන වලට වගේ වියදමක් නැතිවුණත් මුලික පිරිවැය වැඩියි. එය නඩත්තු කරන්නත් යම් කිසි දැනුමක් තියෙන පිරිසක් අවශ්‍ය වෙනවා. ක්‍රම ගණනාවකට සාගර ජලය හරහා විදුලිය ලබාගන්නවා. උදම් රළ වැඩිවන අවස්ථාවේදී මුහුදු ජල මට්ටම වැඩිවෙනවා. ඒ අවස්ථාවේදී වෙරළ ආසන්න ජලාශවලට උදම් රළ මගින් මුහුදු ජලය එක්කරාසු කරගෙන ඒ මගින් කිලෝවොට් 250ක පමණ බලයක් ජනනය කරගන්න ප්‍රංශය සහ දකුණු කොරියාව සමත් වෙලා තියෙනවා. ඒ රටවල්දෙකේ උදම් රළ බලයෙන් දුවන විශාල ජල විදුලි බලාගාර තියෙනවා. ඒවායේ ජල බලයෙන් කැරකෙන තලබමන මගින් විදුලිය ලබාගන්නවා.

ප්‍රංශයේ උදම් රළවිදුලි බලාගාරයක්…. සාගර ජලයේ ඇති ගැස්සෙන ස්වභාවය පාවිච්චි කරලාත් විදුලිය නිපදවාගන්නවා. සාගර ජලය එහා මෙහා ඉහළ පහළ යද්දි ඒ බලයෙන් පංකා කැරකැවීමෙන් විදුලිය නිපදවාගන්නට ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සාගර ජලය මත පාවෙන බත්තල් වැනි කිහිපයක් ඉහළ පහල යෑම මත ඒ චලනය ඔස්සේ රෝද කරකවාද විදුලිය නිපදවාගන්න අවස්ථාත් තියෙනවා. වැසූ අවකාශයක සාගර ජලය උස් පහත් වීමේදී ඇතිවන වායුව මගින් පංකා කැරකැවීමෙන්ද ඇතැම් රටවලදී විදුලිය නිපදවා ගන්නවා.

රුහුණු සිසුනගේ අලුත් ක්‍රමය…. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තියෙන්නෙ ගාල්ලේ හපුගල. ඉංජිනේරු සිසුන් දෙදෙනකු තමුන්ට ළඟපාත තිබෙන ගාලු මුහුදෙ රළ ආ‍ශ්‍ර‍ෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් ගැන සොයාබැලුවා. ඔවුන් පළමුව ක්‍රම කිහිපයක් විද්‍යාගාර තුළදී අත්හදා බලා තිබෙනවා. ඒ අතුරින් දැනට පවතින ක්‍රම කිහිපයකට මුහුදු රළ නිපදවීමේ ඇති හැකියාව ඔවුන් සොයාබලා තිබුණා. ඉන් පසුව ඔවුන් උස් පහත්වෙන පාවෙන හිස් බැරලයක් ආධාරයෙන් අලුත් විදුලි නිමැවුම් ආදර්ශනයක් තනන්නට සමත් වෙලා තියෙනවා. එතැනදී බැරලය උස් පහත් වනවිට බැරලයට පහලින් සවි වූ පිස්ටන තුනක් ඉහල පහල යනවා. ඒ පිස්ටන මගින් පීඩනයට ලක් වූ වාතය ටැංකියකට එකතු වෙනවා. මෙහිදී පිස්ටන තුනට වාතය සපයන්නට වෙනම නළයක්ද මුහුද යටට යනවා. මේ ක්‍රමයේදී පිස්ටනය ඉහළ පහළ යනවිට වායු පිස්ටන තුන මගින් බයිසිකල් හුලං පොම්පයක පරිද්දෙන් වායු පීඩනයක් ඇතිකරනවා. ඒ පීඩනය වෙනමම කුටීරයකට එකතු කර ඒ ආධාරයෙන් විදුලිය නිපදවන්න තමයි ඒ එම් සී පී අත්තනායක සහ එස් එච් පී එම් ධර්මප්‍රිය සිසුන් දෙදෙනාගේ අභිප්‍රාය වෙලා තිබුණේ. සිසුන් දෙදෙනාට අවශ්‍ය න්‍යායාත්මක මගපෙන්වීම් රුහුණු විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික හා නිශ්පාදන ඉංජිනේරු අංශයේ ආචාර්ය එච් සී පී කරුණාසේන මහතා විසින් ලබාදීලා තිබුණා

දියුණුකිරීම්වල අවශ්‍යතාවය… මෙම සිසුන් සිය කුඩා ඇටවුම සකස් කර මුහුදේ ගිල්වා බැරල් කොටස පමණක් වාතයට නිරාවරණය කොට රළ අනුව උඩපාත යන්නට සකසා තිබුණා. එහෙත් මෙම ක්‍රමයේදී මල කෑම සහ දිරායෑම් සිදුවීමේ අවකාශ වැඩියි. සංකල්පයක් ලෙස ඉහළ පහළ යන මුහුදු රළ මගින් වායුවක් සම්පීඩනය කරගැනීමත් ඒ තුළින් විදුලිය නිපදවාගැනීමත් බොහොම ඉදිරිගාමී සංකල්පයක් ලෙස දැකිය හැකියි. රට වටා තිබෙන මුහුද අපිට සම්පතක්. මුහුදු රළ ඇසුරින් කුඩාවට හෝ විදුලිය බලය නිපදවිය හැකි ක්‍රම අත්හදා බැලීම අපිට කළ හැකි අද හෙටම කළ යුතු දෙයක්.