May 17, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අප්‍රේල් 1 වෙනිදා ඉඳලා එක එක පාටවල් බෑ

බස්නාහිර පළාතේ ධාවනය වන සියලූ පෞද්ගලික බස්රථ සඳහා ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට ලා නිල් පැහැති වර්ණය නිර්දේශ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්ධු තුසිත කුලරත්න මහතා පැවසීය. මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් මෙම ලා නිල් පැහැය අනුමත කර ඇතැයි ද දැනට ධාවනයේ යෙදෙන පෞද්ගලික බස්රථ විවිධ වි කා ර රූපී වර්ණයන්ගෙන් සහ විවිධ ස්ටිකර්වලින් යුක්තව හැඩකර ඇති බවත්, ඉදිරියේදී එම වර්ණ ඉවත් කර ලා නිල් පැහැය ආලේප කරගන්නා ලෙසට දැනුවත් කරමින් මාස දෙකක කාලයක් කල් ලබා දෙන බවත් හෙතෙම කීවේය.

විවිධ වර්ණවලින් සකසා ඇති පෞද්ගලික බස් රථ බොහෝමයක් රිය අනතුරුවලට ලක්වීමේ ප‍්‍රවණතාවක් දක්නට ඇතැයි ද සභාපතිවරයා පැවසීය. මෙවැනි බස්රථ නිසා පසුගිය කාලය තුළ බස්රථ අනතුරුවලට ලක්වී මගීන් සහ පදිකයන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තවත් පිරිසක් මියගොස් ඇති බවත් සභාපති තුසිත කුලරත්න මහතා කීවේය. මෙලෙස ලබා දෙන මාස දෙකක කාලය තුළ සියලූ පෞද්ගලික බස්රථ ලා නිල් පැහැය වර්ණ ගැන්විය යුතු බවත් එසේ නොකරන බස්රථ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.

එසේම පෞද්ගලික බස්රථ පිටරටින් ආනයනය කිරීමේදී එම ගෙන්වන බස්රථ පවා ලා නිල් පැහැය ඇති බස්රථ පමණක්ම ගෙන්වීමට කි‍්‍රයාකරන ලෙසට සියලූම බස්රථ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න