September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඒක රහසක්..දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදර කතාවක් කියලා තමයි – පූජා උමාශංකර්

ආදරය තරම් වටින Award එකක් මට තවත් නෑ.. මං ඒ දේ ඉක්මනින්ම හැමෝටම කියනවා… ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගනිමින් චිත්‍රපට මෙන්න ටෙලිනාට්‍යවල රංගනයේ යෙදුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් තමයි පූජා උමාශංකර් කියන්නේ. කලා දිවියේ අලුත් තොරුතුරු සහ අලුත් ආදර පටලැවිල්ලක් ගැනත් ඇය මේ විදියට පුවත්පතකට කියලා තිබුණා.

අලුත් ජීවිතේ කොහොමද?  ගොඩක් හොඳින් සතුටින් යනවා.ඇත්තටම මගේ කලා කටයුතු වගේම මගේ අනිත් දේවල් එක්ක ජීවිතේ හොඳින් ගලාගෙන යනවා…

මේ දවස්වල චිත්‍රපටවල රඟපාන්න භාර අරගෙනද?  ඔව්, පත්තිනි සහ සරිගම චිත්‍රපටවල සාර්ථකත්වයත් එක්ක මේ දවස්වල හොඳ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඉතින් මම ඒවායේ පිටපත් මේ දවස්වල බලන් යනවා. ඒ අතරින් හොඳම කිහිපයකට රංගනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතිං මගේ රසිකාවියන්ට කියන්න තියෙන්නේ ළඟදීම රිදී තිරයෙන් මාව යළිත් ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි.

වැඩි සද්දයක් තිබුණේ නෑ නේද පසුගිය දවස්වල?  මෙහෙමයි මම සද්ද නොකර හිටියා නෙවෙයි. දන්නවනේ මම හිනාවෙලා කෑ ගහලා හරි සතුටින් ඉන්න චරිතයක්නේ. පසුගිය දවස්වල මගේ රූගත කිරීම් සහ මම හරි ආදරයෙන් කරන මගේ සමාජ සේවා වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ඉතින් ඒ නිසා මාධ්‍ය ඉස්සරහට එන්න බැරි වුණා ඒකයි.

පසුගිය දවස්වල සම්මාන කිහිපයක්ම ලැබුණා සතුටුද? ඒ ගැන මොකද කියන්නේ?  ඔව්… ඔව්… පසුගිය දවස්වල තිබුණු Slim Nielsen People’s Award එකේ තරුණ පරපුරේ ජනප්‍රියම නිළියට හිමි ජනතා සම්මානය හම්බ වුණා. ඒත් එක්කම Lux Hiru Golden Film Awards එකේදී සරිගම සහ පත්තිනි චිත්‍රපටය වෙනුවෙන් ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් ලැබුණා. ඉතිං ඒවත් එක්ක ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නේ. ඒ හැමදේටම වැඩියෙන් මට වටින්නේ මගේ රසික රසිකාවියන් සහ එයාලාගේ ආදරය. ඉතින් එයාලා හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා. ඒ ආදරය තරම් වටින Award එකක් මට තවත් නෑ. මේ වෙලාවේ මං එයාලා හැමෝටම ගොඩක් ස්තුති කරනවා.

ඉන්දියාවේ පැත්තේ එහෙම යනවාද?  ඔව්, මම වැඩිපුර එහෙ යනවා එනවා. මොකද මගේ අම්මායි තාත්තායි ඉන්නේ බැංගලෝර්වල. ඒ දෙන්නාගේ සුවදුක් බලන්න මම ඉතින් ගොඩක් වෙලාවට එහෙ යනවා. ඒ වුණාට හැබැයි වැඩිපුර ඉන්නේ ලංකාවේ. මොකද මම මගේ රසික රසිකාවියන්ට මං ගොඩක් ආදරෙයි. එයාලා එක්ක ඉන්න සතුට මට ගොඩක් වටිනවා.

මේක පොඩි පෞද්ගලික දෙයක්. ඔයාගේ අලුත් ආදර පටලැවිල්ලක් ගැන කතාවක් යනවා. මොකක්ද ඒ ගැන කියන්නේ?  ඉතිං පෞද්ගලිකයි නම් ඇයි අහන්නේ. හරි හරි ඒක දැනට රහසක්. මගේ රසික රසිකාවියන්ට ඒ ගැන මං ඉක්මනින්ම කියනවා. දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදර කතාවක් කියලා තමයි