October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා. ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව ජයගැනීමත් සමගයි. තරඟයේ කාසිය වාසිය ජයගත් ද.අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 1 37ක්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 41ක් රැස්කළා. පන්දු යැවීමේදී ලකුණු 25කට කඩුළු 3ක් ලබා ගැනීමට Andile Phehlukwayo සමත් වුනා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ද.අප්‍රිකාව නියමිත් පන්දු වාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 137 ක් රැස්කළේ තරඟයේ ලකුණු තත්වය සම කරමින්.

මේ අනුව තරඟය super over කරා පිවිසි අතර එයට පළමුව පහර දුන්නේ ද.අප්‍රිකාවයි එහිදී ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ ලකුණු 14ක් රැස්කිරීමට ද.අප්‍රිකාව සමත් වුනේ ඩේවිඩ් මිලර්ගේ 6පහරක් හා 4 පහරක්ද සමගින්. ඉන්පසු ලකුණු 15ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසියේ තිසර පෙරේරා හා අවිශ්ක පප්‍රනාන්දුයි. නමුත් මෙම තරගාවලිය පුරාවටම අසාර්තක් වූ තිසර පෙරේරා හට ඉම්රාන් තාහිර් ගේ පන්දු යැවීම හමුවේ නිශ්චිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුනා. ඒ අනුව තරඟ දෙකකින් යුත් මෙම තරගාවලියේ පළමු තරඟයේ ජය හිමිකර ගැනීමට ද.අප්‍රිකාව සමත් වුනා. තරඟයේ වීරයා ඩේවිඩ් මිලර්. ලකුණු පුවරුව පහතින් …..