March 20, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දැන් හෙඩ්ෆෝන් කනේ ගහගෙන ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා චාටර් වෙන්න ඕනි නෑ

හෙඩ් ෆෝන් දෙක කනේ ගහගෙන ලෝකෙටම ඇහෙන්න කතා කරන අය ඔයාලා ඕන තරම් දැකලා ඇති. එයට හේතුව තමා හෙඩ් ෆෝන් එක දාගත්තම කන සහ බාහිර ලෝකය අතර තියෙන සම්බන්ධතාව අවහිර වීම. ඒත් මේ amplifier app එක භාවිතයෙන් අපට පුළුවන් එය මඟහරවා ගන්න. මෙම ඇප් එකේ ඇති සැකසුම් මඟින් හෙඩ්ෆෝන් එකෙහි මයික්‍රෆෝනය භාවිත කරමින් බාහිර ශබ්ද ඇසෙන ලෙස සකසා ගන්න අපට හැකියි.

එම නිසා ඝෝෂාකාරී පරිසරයක තවත් කෙනකු හා මහ හයියෙන් කතා කරනවා වෙනුවට දෙන්නම මෙම ඇප් එක දාගෙන මුදල් හෝ ඩේඩා වැය නොකර ඇප් එක භාවිතයෙන් හෙමිහිට කතා කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම ශ්‍රවණාබාධ උපාංගයක් ලබාගන්න ආර්ථික අපහසුතා ඇති කෙනකු වුණත් බාහිර ශබ්ද තීව්‍ර කොට කනට ලබාගන්න මෙම ඇප් එක භාවිත කරන්න පුළුවන්. අනවශ්‍ය ශබ්ද කපා හැර කටහඬ වඩාත් හොඳින් ලබාදෙන නිසා noise ඇතිවීමක් වෙන්නෙත් නෑ