October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බංගලාදේශයේ නවසීලන්ත තරඟ සංචාරය අවලංගු කරයි

මෙය ක්‍රයිස්චර්හි පිහිටි විශාලම මුස්ලිම් දෙවස්ථානය වන බවයි වාර්තාවන්නේ.දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ල කළ බව කියන තුවක්කුකරුව සොයා නවසීලන්ත ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර නගරයේ පිහිටි කාර්යාල, පාසල් සහ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

බංගලාදේශ කණ්ඩයාමේ නවසීලන්ත තරග සංචාරය අවලංගු කොට තිබෙනවා ඒ නවසීලනත්යේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරය පසුවයි. මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බංගලාදේශ ක්‍රීඩකයන් පිරිසක්ද එහි සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව තිබුණෙ නෑ. නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern පවසන්නේ මෙය එරට ඉතිහාසයේ අඳුරුතම දිනයන්ගෙන් එකක් බවය. මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වන බංගලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පවසන්නේ ඔවුන් වාසනාවන්ත වූ බවත් දෙවියන් විසින් ඔවුන්ව ආරක්ෂා කළ බවත්ය.නැවත මෙවන් සිදුවීමකට දැකීමට අවහ්‍ය නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.