September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ රහස් අවයවය යකඩ වළල්ලක සිරවෙලා

තම ජනනේන්ද්‍රය යකඩ වළල්ලක සිරවූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්. චීනයේ ශැන්ඩොන්ග් පළාතේ ජිනාන් ප්‍රදේශයෙන් අදාල සිදුවීම වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී අදාළ සිදුවීමෙන් පසුව පැය 8ක කාලයක් තිස්සේ මෙම සිසුවා සිරවූ යකඩ වලල්ල සමඟ සිට ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. පසුව ඔහු එම යකඩ වළල්ල ඉවත්කිරීම සඳහා රෝහල්ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් සිසුවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ මේ සඳහා ගිණිනිවන ඒකකයේ නිළධාරීන්ගේ සහය ලබාගත යුතු බවටයි. අනතුරුව රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව ගිණිනිවන ඒකකයේ නිළධාරීන් රෝහල වෙත පැමිණ තිබෙනවා. පසුව සිදුකළ පරීක්ෂණවලදී තීරණය කෙරුණේ එම යකඩ වළල්ල ඉවත් කිරීමට යකඩ කැපීම සඳහා භාවිත කරන විදුලි කියතක් භාවිත කිරීමටයි. කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම යකඩ වළල්ල ඉවත්කිරීමට සමත්වූ අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.