October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අත්භූත සත්ත්වයෙකු නිසා ගමක් කැළඹෙයි..!

මේ දිනවල අපේ රටේ කතා බහට ලක්වන මාතෘකා අතර නිට්ටෑවන් නමැති සත්ත්ව කොට්ඨාශය ගැන ඉහලින්ම කතාබහට ලක්වෙනවා. ඒ පසුගිය කාලයේ අපේ රටේ ප්‍රදේශ කිහිපයකින්ම එවැනි සත්ත්වයින් හමු වූ බවට ගම්වාසීන් ප්‍රකාශ කල අදහස් සමඟයි. ඒ අනුව එහි නවතම සිදුවීම ලෙස ඊයේ රාත්‍රීයේ (08) වලස්මුල්ල, දෙහිගහහේන ප්‍රදේශයේ විදපොල ගම්මානයේ ගම්වාසීන් පස්දෙනෙකු පමණ මෙම අත්භූත සත්වයා දුටු බවට ප්‍රකාශ කරන අතර මේ හේතුවෙන් එම ගම්මානයේ වැසියන් භීතියට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එම ගම්මානයේ නිවසක තරුණියක විසින් ඊයේ රාත්‍රීයේ සිය නිවසේ වතුර ටැංකිය අසළදී මෙම සත්ත්වයා දැක ඇකි බව ප්‍රකාශ කරන අතර ඇයගේ කෑ ගැසීමට එම ස්ථානයට පැමිණි ඇයගේ මවද එම සත්ත්වයා දුටු බවයි සඳහන් වන්නේ. ඉන් අනතුරුව නිට්ටෑවෙකු බවට සැක කරන එම සත්ත්වයා එම ස්ථානයෙන් දුවගොස් කැළෑ වැදුනු බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.

මේ අතර එම සත්ත්වයා දිව ගිය මාර්ගයේ තණකොළ තැලී තිබෙන ආකාරය දැක ගත හැකි බව අප වාර්තාකරු සඳහන් කළ අතර එම නිවසට යාබද නිවසේ දෙදෙනෙකු හා රාත්‍රීය පුරා එම කැළෑව පරීක්ෂා කළ තරුණ කණ්ඩායමක තරුණයෙක්ද එම සත්ත්වයා දැක තිබෙන බව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් නිට්ටෑවන් යැයි සමාජයේ හැඳින්වෙන සත්ත්වයා සැබැවින්ම ජීවත් වන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති අතර මනෝ වෛද්‍ය විශේෂඥ මතය වන්නේ සමාජයේ මෙම පුවත පැතිරීමත් සමග ඒ පිළිබඳව ඇති වන දැඩි පුද්ගල විශ්වාසයන් නිසා මෙවන් රාවයන් පැතිර යන බවයි. සිදුවීමට මුහුණ දුන් කාන්තාවක් අප සමඟ මෙලෙස අදහස් දැක්වුවා. එම වීඩියෝව මෙතනින් …….