October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

තිලංගගේ උපදෙසින් ශම්මි වැඩ අරඹයි – ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කරළියට!

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රිමීයර් ක්‍රිකට් තරගාවලිය නැවතත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවදානය යොමුව තිබෙනවා. මේ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් සැලසුම් කරමින් සිටිනා බවට වාර්තා වේ.

පසුගිය 2018 වසරේද ශ්‍රී ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කළද ක්‍රිකට් ආයතනයේ කාල සීමාව පසුවීමෙන් පසු ක්‍රිකට් නිලවරණය පැවැත්වීම ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රමාද කරවීම හේතුවෙන් එම තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. එම තරගාවලිය 2011 වසරේදි සහ 2012 වසරේදි පැවැත්වුනද 2013 වසරේ සිට පැවැත්වීමට එවකට පාලනාධිකාරිය අසමත් වුනා. ඒ එම තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය මුදල් නොමැතිවීමෙන්.

කෙසේ වෙතත් තිලංග සුමතිපාල 2016 වසරේ ක්‍රිකට් සභාපතිධූරයට පත්වීමෙන් පසු ක්‍රිකට් ආයතනයට ප්‍රබල මූල්‍ය ශක්තියක් ගොඩ නැගීමට සමත් වුනා. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සියල්ල සුදානම් වන්නේ එම මූල්‍ය ශක්තියද පසුබිම් කරගෙනයි. ඒ සදහා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රිකට් නිලවරණයේදි ඔහුට සහය ලබා දුන් හිටපු සභාපති තිලංග සුමතිපාල පෙරමුණ ගනිමින් සිටිනා බව වාර්තා වේ.