October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්න අවුරුදු 21 තරුණයාට දිය නාමින් සිටි කාන්තාවන් කරපු වැඩේ

ජා ඇල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක වෙළෙදසැල් හා ගෙවල් බිඳ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දිය නාමින් සිටි කාන්තාවන්ගේ සහයෙන් ඔහු අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වනවා. පොලිසිය පැමිණෙන විට අදාල සැකකරු කෘස්වත්තේදී ජාඇල ඇළට පැන පලායාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ඇළෙහි දිය නාමින් සිටි කාන්තාවන් පිරිසකගේ සහයෙන් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි ජාඇල පොලිසිය පවසන්නේ.

අදාළ සැකකරු ජාඇල කෘස්වත්තේ පදිංචි 21 හැවිරිද තරුණයෙකු වන අතර පසුගිය මාස කිහිපය ඇතුලත දිගින් දිගටම සිදුවූ නිවාස හා වෙළෙද සැල් කොල්ලකෑම් වලට ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී හෙළිකරගෙන තිබෙනවා. එසේම අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඒකල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රූපවාහිනි යන්ත‍්‍රයක් ඇතුලු විදුලි උපකරණ රැසක්ද, සිගරට් බන්ඩල් හතරක්ද,කිරිපිිටි පැකට් තොගයක්ද පොලිස් බාරයට ගත් බව පොලිසිය සඳහන් කරනවා. ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතා ගේ මෙහෙයවිම මත සැකකරු හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණා.