November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ජාත්‍යන්තර පාසල් සිසුන් පුද්ගලික අපේක්ෂකයන් පමණයි – ඇමති අකිල ජන මතයට කන් දෙයි, නිදහස් අධ්‍යාපනය රැක ගන්න තීරණයක් ගනියි!

පසුගිය අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අතිශය ආන්දෝලනයට තුඩු දුන්නා. ඒ ජාත්‍යන්තර පාසල් වල සිසුන් පාසලේ අපේක්ෂකයන් ලෙසින් විභාගයට මුහුණ දීම සහ විෂය නිර්දේශ එක හා සමානව සලකා දිවයිනේ ප්‍රමුඛ ස්ථාන තෝරා ගැනීම හේතුවෙනි. මෙය නිදහස් අධ්‍යාපනයේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් බවත්, මෙය දුෂ්කර පාසල් වල දරුවන්ට අසාධාරණයක් බවත් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුලු බොහෝ පිරිසක් අදහස් දැක්වූවා.

මෙම සිදුවීමෙන් පසු එල්ල වූ ජනතා ප්‍රතිරෝධය සළකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණයක් පිළිබඳව වාර්තා වෙනවා.මේ අනුව මෙරට ජාත්‍යන්තර පාසැල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කල යුත්තේ පුද්ගලික අයදුම්කරුවන් ලෙස යැයි විභාග දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ. ඒ අනුව ජාත්‍යන්තර විදුහල්වල සිසුන් මෙවර විභාගයට ඉදිරිපත් විය යුත්තේ පුද්ගලික අයදුම්කරුවන් ලෙසිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම තීරණය සමාජජාලා මාධ්‍යයන්හීද දැඩි ප්‍රශංසාවට ලක්ව තිබුනා.