October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කෝටි 700 මැණික් මංකොල්යේ සාක්ෂි රැසක් හෙලිවෙයි

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් සහ ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වූ බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා. මධූෂ්ගේ සමීපතමයෙකු සහ ප්‍රධානතම වෙඩි!ක්කරුවකු ලෙස සැළකෙන අදාල සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවද විමර්ශනවලින් හෙළි කරගෙන තිබෙනවා.

වයස අවුරුදු 26 ක් වන මෙම සැකකරු කෝටි හත්සියයේ මැණික් මංකොල්ලයටද සම්බන්ධ සැකකරුවකු බවට පොලීසිය සැකකරනු ලබන අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් හා ඔහු සේවය කරනු ලබන යුධ හමුදා කඳවුරෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාල නිවසේ තිබී හමුවූ යුද හමුදා නිල ඇඳුම්, යුද හමුදා හිස් වැසුම්, ලාංඡන, බොත්තම් ආදී දේපොල රැසක් සමඟ නිවස හිමි සැකකරුගේ පියා පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ නිවසේ තිබී රුපියල් කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගීකර ගත් බවට සැකකරන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මීට අමතරව පසුගිය නොවැම්බර් 4 වැනි දා හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා ඝාත!නය කිරීම හා කඹුරුපිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාත!නය කිරීමට තැත් කිරීම ආදී අපරාධ රැසකට අදාළ යුද හමුදා සාමාජිකයා සම්බන්ධ වී තිබෙන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ 53 හැවිරිදි පියා හෙට (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.