
1984 වසරේදී නිෂ්පාදනය වූ ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Terminator: Dark Fate ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය නොවැම්බර් 1 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් ප්‍රධාන රංගනයෙන් දායක වන මෙම චිත්‍රපට සඳහා නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් දායක වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එසේම මල්ලවපොර ශූරයෙකු වන රෝමන් රේන්ස් හොලිවුඩ් චිත්‍රපටයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ. මේවනවිට ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින ඔහු WWE මල්ලවපොර පිටියෙන් ඉවත්ව සිටියි. හොලිවුඩ් චිත්‍රපටයක රංගන අවස්ථාව හිමි ඔහු තම ඥාති සොහොයුරෙකු වන ඩ්වේන් ජොන්සන් රංගනයෙන් දායක වන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන Hobbs & Shaw චිත්‍රපටය සඳහාය. මෙහි උප චරිතයක් සඳහා දායක වන ඔහුගේ පලමු චිත්‍රපටයද මෙය වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ.
More Stories
නිකුල පෙම්බර – RASHMI KAVYA
ප්‍රංශයේ සිට එංගලන්තයට මිනිසෙකු පියාඹා යයි
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම්