September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දවස උදාවෙද්දීම සිවුදෙනෙකුට ජීවිතය අහිමි කළ මාරවිල බස් රථ මාරකය…! (PHOTOS)

අද (18) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා තවත් පිරිසක් බස් රථය තුළ සිරවී සිටින බව වාර්තා වෙනවා.අද අලුයම 4.30ට පමණ මාරවිල මහවැව හංදිය අසළදී වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී අනතුර සිදුව තිබෙනවා. අනතුරින් සිවු දෙනෙකු මිය ගොස් ඇති අතර 19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර තවත් කිහිපදෙනෙකු බස් රථයේ සිරවී සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.