September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පිස්සු නටන ෆේස්බුක් ජෝගි හිඟුරක්ගොඩටත් ගෙනිච්ච හෙනහුරෝ

ඟහැරුණු දුරකතන ඇමැතුමක් හෙවත් මිස් කෝල් එකක් හරහා පොළොන්නරුවේ එක්තරා පොලිස් නිලධාරියකුට තම දුරකථනය ඔස්සේ ගලා ආවේ අමුතුම තාලයේ පණිවුඩයකි. ‘මචං හෙට අපේ පාටියක් තියෙනවා ගිරිතලේ ෆුල්ම ෆන් එකක් ගන්න පුළුවන්. එනවද යන්න.’ එක පයින්ම එකඟතාව පළ කර තමන් ගමනට එක්වන බව එවේලේම දැනුම් දෙමින් පොලිස් නිලධාරියා, මිතුරු වෙසින් සාදය පිළිබඳ සියලු තොරතුරු විමසා දැන ගත්තේය. රාජකාරි ජීවිතයේ බොහෝ විවිධ අත්දැකීම් පිරි ඔහුට වර්තමානයේ විශේෂයෙන්ම තරුණ පිරිස් අතර ජනප්‍රිය ෆේස්බුක් සාදද එතරම් ආගන්තුක නැත. මත්පෙති, මත්කුඩු බහුලව ගැවසෙන මෙවැනි සාද මතින් මත්වී නිල්පාට, දම්පාට සොඳුරු ලෝකවල රිසිසේ සැරිය හැකි බවට මායාවක පැටලී සිටින යෞවන, යෞවනියන්ගේ තෝතැනි බවද හෙතෙම දැන සිටියේය. එහෙයින් ඊට දැල එළීමට අවශ්‍ය සැලසුම් මනා ලෙස සකස් කළේය.

මත්!ද්‍රව්‍ය භාවිත කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වමින් සිටි මුහුණුපොතේ සාදය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් ඉරිදා (03දා) අලුයම වටලන ලද්දේ ඒ අනුවය. සියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි බව කියන මේ මුහුණුපොතේ සාදය එදින අලුයම 1.00ට පමණ වෙද්දී පොලිසිය වටලන අවස්ථාවේ එහි රැඳී සිට ඇත්තේ 89 දෙනෙකි. ඔවුන් අතර සුරූපී තරුණියන් 06 දෙනකුද වූ බව පොලිසිය සඳහන් කළේය. හෙ!රො!යින්, මත්!කුඩු, මත්!පෙති, ගං!ජා, කේරළ ගං!ජා, අයි!ස් වැනි නානා විධ මත්!ද්‍රව්‍ය එහි තිබී ඇත. ඒවා භාවිතයෙන් උච්ඡ අවස්ථාව සනිටුහන් කරන්නට මෙන් බොහෝ දෙනා ඩී.ජේ. (ච්.බ්.) සංගීතයට අනුව රංගනයෙන් මුසපත්ව කඳ කෙළින් තබා ගන්නට මහත් වෑයමක් දරමින් සිටි බවද වැටලීම සිදු කළ පොලිස් නිලධාරීහු පැවැසූහ. මුහුණුපොතෙන් දැන හැඳින මේ සාදය සඳහා සහභාගි වී සිටි සියලුම දෙනා වයස අවුරුදු 20ත් 35ත් අතර අය බවද අනාවරණය වී තිබිණි.

ඔවුහු කොළඹ, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, පොළොන්නරුව, බැඳිවැව, ලක්‍ෂඋයන, ත්‍රිකුණාමලය, තඹුත්තේගම, කැකිරාව ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය බවද හෙළිදරව් වී ඇත. මේ සියලුදෙනාම මුහුණුපොතේ මිතුරන් බව කියන මොවුන් මෙවැනි ෆේස්බුක් ඩී.ජේ. (ච්.බ්) සාද මසකට වතාවක් පවත්වන බවත් පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. එමෙන්ම ඉකුත් ඉරිදා (03දා) හිඟුරක්ගොඩ පැවැති මත් සාදය සංවිධානය මුහුණපොත හරහා සැලසුම් වන්නේ දැනට මාසයක පමණ සිට යැයිද එහි සංවිධායකවරු පොලිසියට ප්‍රකාශ කර තිබිණි. එය මුලින්ම ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැත්වීමට තීරණය වී තිබී පසුව හිඟුරක්ගොඩ හෝටලය තෝරා ගැනීම හිටි අඩියේ සිදුවී ඇත.

මේ සුපිරි සාදයට ඇතුළුවීමේ ගාස්තු ලෙස සිය සාමාජිකයන්ගෙන් රුපියල් 2,500ක මුදලක් අය කරනු ලබයි. සාදයේ ඉව පොලිසියට වැටුණු පසු පොලිසිය උපාය දූතයන් කිහිප දෙනකු මුහුණුපොතේ මිතුරන් ලෙසින් රුපියල් 2,500ක ප්‍රවේශ ගාස්තු ගෙවා ඊට සහභාගි කරවා තිබේ. එලෙස සාදයට ඇතුළු වීමෙන් පසුව තමන් කැමැති මත්!ද්‍රව්‍ය වෙනම මුදල් ගෙවා ලබාගත හැකිව තිබිණි. ඒවා රුපියල් දහස් ගණනින් විවිධ මිල ගණන්වලට අලෙවි වන ඒවාය. විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ පියවි ලොවෙන් අත්මිදීම සඳහා මුද්දර වැනි මත්!ද්‍රව්‍ය විශේෂයේ එකක් මේ මත්!සාදයේ අලෙවි වී ඇත්තේ රුපියල් 2,000ක මුදලකටය. හෙ!රො!යින් මත්!කුඩු, මත්!පෙති, අයි!ස්, කේරළ ගං!ජා, අ!බිං වැනි මත්!ගුළි, ගං!ජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග රාශියක් එහි භාවිත වී තිබිණි. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය අතර මේ සෑම වර්ගයක්ම එහි තිබීම ඊට කදිම සාක්කියකි.

පෙරදින (02දා) රාත්‍රි 8.00ට පමණ ආරම්භ වී ඇති මේ ෆේස්බුක් සාදය රෑ මැදියම ඉක්ම යන තෙක්ම කිසිදු අවහිරයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් තිබේ. සාමාන්‍ය මට්ටමේ සාදයක් නොව ඊට එහා ගිය නීති විරෝධී, තහනම් මත්!ද්‍රව්‍ය භාවිත කරමින් සංවිධානාත්මක සුපිරි සාදයක් බව සැකහැර දැනගත් පොලිසිය එතැන් පටන් සිය මෙහෙයුම සූක්‍ෂ්ම ලෙස දියත් කළේය. මුලින්ම සාදයේ සිටින එකා දෙන්නා උපායශීලීව ඒ ස්ථානයෙන් මඳක් පිටතට කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් ජීප් රියට ගැනීමට හැකි විය. මේ අන්දමට සෑහෙන පිරිසක් කොටු කර ගැනීමෙන් පසුව ඉතිරි රොත්තම එකට පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඉන් අනතුරුවයි. එහෙත් මොවුන් කිසිවකුත් පොලිසියේ අත්අඩංගුවෙන් මිදී පැන යෑමට හෝ කලබලකාරී ලෙස හැසිරීමට උත්සාහ නොකළ බව වැටලීමට සම්බන්ධවූ පොලිස් නිලධාරීහු අප සමඟ පැවැසූහ. ඊට හේතුව අපමණව මතින් මත්ව සිටි නිසා වන්නට ඇතැයි පොලිස් නිලධාරීන්ගේ අදහස විය.

මත්!ද්‍රව්‍ය සාදයට එක්ව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ පිරිස 89 දෙනෙකි. ඔවුන් අතර තරුණියෝ 6 දෙනකුද වූ බව පොලිසිය සඳහන් කළේය. මේ පිරිස හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසුව ඔවුන් සියලු දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය. පොලිස් වැටලීමේදී මොවුන් සන්තකයේ තිබී මුද්දර යනුවෙන් හඳුන්වන මත්!ද්‍රව්‍ය කැබලි 18ක්, හෙ!රො!යින් මත්!කුඩු ග්‍රෑම් 30ක්, කේරළ ගං!ජා ග්‍රෑම් 28ක්, ඔතන ලද ගං!ජා සුරුට්ටුවක්, ග්‍රෑම් 10 බැගින් බර අ!බිං වැනි ගුළි 03ක්, රතු, සුදු වර්ණවලින් යුත් වර්ගය නොහඳුනන මත්!පෙති 06ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මේ අතර සාදය පැවැති ශාලාවේ පෙට්ටියක් තුළ අසුරා තිබූ මුදල් රුපියල් 1,28,000ක්ද පොලිසියට හමුවී තිබේ. මේ සුපිරි මත්ද්‍රව්‍ය සාදයේදී නීති විරෝධී මත්!පෙති, මත්!ද්‍රව්‍ය සන්තකයේ තිබී හමුවූ පුද්ගලයන් ගණන 04ක් බව පොලිසිය සඳහන් කළේය. මොවුන්ගෙන් දෙදෙනකු කාන්තාවෝ වූහ.

මේ පිරිසට අමතරව සාදය පැවැති හෝටලයේ කළමනාකරුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. මේ සියලුදෙනාම අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ඉදිරිපත් කළ සිවුදෙනා සහ හෝටලයේ කළමනාකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසටත් ඉතිරි 85 දෙනා එක් අයකුට රුපියල් 2,500 බැගින් වන සේ ශරීර ඇප මත මුදාහැර නැවත මේ මස 27 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසටත් හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ශිරන්ති වැරැල්ලගම මහත්මිය නියෝග කළාය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කරන කුරුණෑගල, වෙලන්ගොල්ල, වෙලගෙදර උයන අංක 868 ලිපිනයේ පදිංචි මැදගොඩ ආරච්චිලාගේ නිලූකා ප්‍රියදර්ශනී මැදගොඩ. කැකිරාව, පාස්ටර්වේලි වීදිය, අංක 65, ලිපිනයේ පදිංචි ඩිංගි ගුරාගේ නිර්මාලී යසස්වී ධනවර්ධන. මින්නේරිය, හේන්යාය, මිහිඳු මාවත අංක 163 ලිපිනයේ පදිංචි එලුමාන මුදියන්සේලාගේ සුභාකර ධනංජය. මින්නේරිය, දුම්රියපොළ හන්දිය, අංක 139 ලිපිනයේ පදිංචි අධිකාරිගේ ‍ෙදාන් ක්‍රිෂාන් සමීර සහ මින්නේරිය 16 1/2 ලිපිනයේ පදිංචි රාජපක්‍ෂ මැණික් කංකානම්ගේ පසන් වෙනුර රාජපක්‍ෂ යන 05 දෙනාය. මුහුණුපොතේ මිතුරු සමාජයක් විසින් සංවිධානය කරනු ලැබූ හිඟුරක්ගොඩ මත් සාදය පොලිසියේ උකුසු ඇසට හසුවී එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් කූඩුවටත් ඉන් අනතුරුව අධිකරණය දක්වාත් ගියේ මේ අයුරිනි.

නාගරික ජන සමාජයෙන් ඇරැඹී ඉතාමත් ජනප්‍රියව පවතින මෙවැනි මත් සාද ගම්බද ප්‍රදේශ කරාද පිය මනිමින් තිබෙන බවට මෙය කදිම නිදසුනකි. ගම්වල පාසල් දරුවන් තරුණ පිරිස් ඒවාට ගොදුරු වීම නිතැතින්ම සිදු වන්නකි. ඒ නිසා ඊට ඇවැසි පිළියම් යෙදීමේ එක් පියවරක් ලෙස පොලිසිය මෙහිදී ක්‍රියා කර තිබීම පැසසිය යුත්තකි. උතුරු මැද පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුවේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විජේසේකර මහතා ඒ සඳහා අවැසි නායකත්වය සපයනු ලැබීය. පොළොන්නරුව පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ සාර්ථක මෙහෙයුම දියත් කරන ලද්දේ මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වසන්ත පිටිගල මහතායි. හිඟුරක්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද වෛද්‍යතිලක, දියබෙදුම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් ‍ෙදාළකඳුර,

පොලිස් පරීක්‍ෂක තේමියදාස, පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්.ඩබ්ලිව්.ජේ. තුෂාර, උතුරු මැද පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. චන්ද්‍රසේකර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ ෆේස්බුක් මත්ද්‍රව්‍ය සාදය වැටලීම සඳහා ක්‍රියා කර තිබිණි. ඊට දායක වූ පොලිස් කණ්ඩායම 40 දෙනෙක්ගෙන් පමණ සමන්විත වූහ. සමාජ මාධ්‍යජාල, ෆේස්බුක් ආදිය භාවිත කරමින් සමාජයට අහිතකර නොයෙකුත් විපරීත දෙයින් නාගරික ජන සමාජය මේ වන විට ඔද්දල් වී තිබෙන බව නොරහසකි. ඒ සංස්කෘතීන් ගමටද හඳුන්වා දෙන්නට ගම්වල තරුණ පිරිස්, පාසල් සිසුන් ඊට ගොදුරු කර ගන්නට මෙවැනි මත්ද්‍රව්‍ය සාද මේ ප්‍රදේශවල පැවැත්වීමෙන් පෙනී යන බව විමර්ශන කටයුතු සිදු කළ පොලිස් නිලධාරීහු සඳහන් කළහ. එහෙයින් ඒවා පිටුදැකීම සඳහා සමාජයේ සියලු කොටස් අවදියෙන් සිටිය යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.