September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ක්‍රිකට් දුර්වල වූ හේතුව මාවන් පෙන්වයි – ඇමති හරීන් වැඩට බසී..ක්‍රිකට් ගැන තීරණාත්මක තීන්දු රැසක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පසුබෑම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මාවන් අතපත්තු වෙබ් අඩවියකට අදහස් පළ කර තිබෙනවා. ඔහු එහිදී සඳහන් කර ඇත්තේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙවන් අඳුරු යුගයක් අතීතයේ නොතිබූ බවයි. ක‍්‍රිකට් පරිපාලනයේ දුර්වලතා ද එම පසුබෑමට හේතු වී ඇති බවයි මාවන් අතපත්තු සඳහන් කර ඇත්තේ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි මෑත කාලයේ දක්ෂතා දැක්වූ හිටපු ක‍්‍රීඩකයින්ගෙන් සේවයක් ලබා ගැනීමට පරිපාලකයින් අපොහොසත් වී ඇති බවද මාවන් අතපත්තු සඳහන් කර තිබෙනවා. එසේම කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරගාවලිය ආවරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබාදුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවය. ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.