October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ආගම් පදනමෙන් ක්‍රීඩකයන් තේරු හතුරුසිංහ ඉවතට ? හතුරුසිංහ ඉවත් කරනවාට ක්‍රීඩකයෙකුගෙන් විරෝධය!

ශ්‍රී ලංකා කිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරින් ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනයේ සුදානමක් ඇතැයි වාර්තා වේ. මාසිකව ලක්ෂ 75ක වැටුපක් ලබා ගන්නා චන්දික හතුරුසිංහ සිය වැටුපට අමතර සුපිරි වාහන, වෙනත් දීමනා සහ ක්‍රිකට් ආයතනයකට ලබා දෙන වාර්තාවකට රුපියල් ලක්ෂ හැට බැගින් ලබා ගනියි. කෙසේ වෙතත් මාසිකව කෝටියකට ආසන්න මුදලක් උපයන චන්දික හතුරුසිංහ, තමන් ලබා ගන්නා අති විශාල මුදලට සාධාරණයක් ඉටු නොකිරීම මෙම ඉවත් කිරීමට හේතුව වී තිබෙන බව වාර්තා වෙයි. මෙයට අමතරව චන්දික හතුරුසිංහ තමන්ට හිතවත් ක්‍රීඩකයන් සහ ආගම්වාදී පදනමකින් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරනවා යැයිද චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම සතුවු ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරුවෙකු එම ආගමික පදනමෙන් ඉවත් කිරීමටද හතුරුසිංහ කටයුතු කළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ ඉවත් කර නව පුහුණුකරුවෙක් ගෙන එන යෝජනාවට වත්මන් කණ්ඩායමේ යොවුන් මුල් පෙළ ක්‍රීඩකයෙක් විරුද්ධ වී තිබෙන බවද ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.