October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රෝහිතට-ටට්යානාට හනිමූන් කියල ගන්න විශේෂ අද්දැකීමක් තිබුණෙ නෑ..- සමනලී ෆොන්සේකා

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ හා ටට්යානා ජයරත්න අතර මෑතකදී සිදුවූ විවාහය ගැන කලා ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය විසින් සිය මුහුණු පොත ඔස්සේ අදහසක් ඉදිරිපත් කර ඇත. රවි සිරිවර්ධනගේ උපුටනයක් ලෙස පල කර ඇති එම සම්පුර්ණ සටහන මෙසේය.මම දැක්ක මහින්ද මහත්තයගෙ බාල කොලුව සම්ප්‍රදාය රකිමින් ගෑනියෙක් ගත්තය කියල පත්තරේක දාල තිබුණ…මොන මගුල් සම්ප්‍රදායක්වත් එතන තිබුණෙ නෑ….උන් දෙන්න ඔය කොළ කෑල්ල අස්සන් කරන්න කලින් බොහොම නිදහසේ විශ්වාසෙන් එකට ජීවත් උනා…..ජෝඩු දාල ලෝකෙ පුරාම ගියා (රටේ සල්ලි වලින් උන්ට රස්සාවක් නෑ නෙව) …කොහොම උනත් උන්ට ඔය හනිමූන් කියල ගන්න විශේෂ අද්දැකීමක් තිබුණෙ නෑ…..මම දකින්නෙ ඒක හරි ධනාත්මක විදිහට…කොළේ අස්සන් කරන්න කලින් දෙන්නෙකුට දෙන්නෙක් සෙක්ෂුවලි මැච් වෙනවද කියල බලා ගන්න බැරි නම් ඒක හෙන අවුලක්…..අත්සන ගැහුවට පස්සෙ ඕක සෙට් නැත්නම් පහුවද ලිහන්න හිතෙන කොට ඒකට වග කියන්නෙ කවුද…වැඩේ තියෙන්නෙ ඕව ඉහළ පන්තිය කරන කොට හෙන රාජකීය ප්‍රේම කතා හැටියට හුරේ දාන සමාජයම තමන්ගෙ අල්ලපු ගෙදර ගෑනු ළමය පාක් එකේ කිස් එකක් දෙනව දැක්කම උන් මහ වනචර ජාතියක් හැටියට ලේබල් ගහන එක…එක පන්තියක් නිදහස් ලිංඟික ජීවිත ගෙවන කොට උන් VIP කරන මිනිස්සුම තමන්ගෙ පන්තියෙ එකා කරන කොට නැහැදිච්ච උන් හැටියට සලකන එක හෙන වහළ් මනෝභාවයක්.