October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පිතිකරණයේ අඩුව පුරවන්න අවිශ්ක ඔස්ට්‍රේලියාවට යද්දී ශ‍්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ගෙදර යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයක් හේතුවෙන් නිවාඩු ලබාගෙන ඇති හෙයින් කැන්බරා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ජොන් ලුවිස් එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ඔහු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.නිමා වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයගත් අතර එහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ අවිශ්ක ගුණවර්ධනයි. ලුවිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත්තේ ආරම්භවීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරයට පෙරය.

එසේම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ බි්‍රස්බේන්හි පැවැති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබුවද වසර 142ක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ 11වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණය සටහන් කරමින් ලබන සිකුරාදා (පෙබරවාරි 1දා) ආරම්භ වන මංගල ටෙස්ට් තරගයේ ප්‍රධාන කොටස්කරුවකු වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ඒ අනුව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ටිම් පේන්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය පෙබරවාරි 1දා සිට 5දා දක්වා පැවැත්වෙන අතර මෙම ඓතිහාසික මංගල ටෙස්ට් තරගයේ පළමු දින තුනට අදාළ ප්‍රවේශපත්‍ර මේ වන විටත් විකිණී අවසන් බවද වාර්තාවේ. එක් දින ජාත්‍යන්තර තරග 9ක් පමණක් පවත්වා ඇති අතර 2008 වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වූ එකම එක් දින තරගයේදී ඉන්දියාව පරදා කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් කැන්බරාහි මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ජයග්‍රාහී ටෙස්ට් තරගයටම සහභාගී වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමම යොදවා ගන්නා බව ඕස්ට්‍රේලියානු කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැංගර් පවසා ඇතත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නකු වන ජෙෆ් ලොසන්ගේ අදහස වි ඇත්තේ අමතර වේග පන්දු යවන්නකු යොදා ගැනීම සුදුසු බවයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචිතයට අලුතෙන්ම කැඳවා ඇති තුන් ඉරියව් වේගපන්දු යවන්නකු වන මාකස් ස්ටොයිනිස් දෙවැනි ටෙස්ට් තරගයට යොදාගැනීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇතැයිද වාර්තා ‌වෙයිි. මෙ අතර ශ්‍රී ලංකා සංචිතයට එක්වූ විශ්ව ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකුට අනිවාර්යයෙන්ම මෙම ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවද පැවැසේ.