September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

නැටුම් හුරුයි යන්තර මන්තර හුරු නෑ – කවින්ද්‍යා අධිකාරි

ප‍්‍රවීණ කලාකරුවන් දෙපළක් වන අතුල, සමිතාගේ දියණිය වූ කවින්ද්‍යා අධිකාරි මේ දිනවල පුංචි තිරයේ කාගේත් අවධානයට ආකර්ෂණයට ලක් වූ චරිතයක් බවට පත්ව තිබෙනවා. ඒ මේ දිනවල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද දිවෙන සක්කාරං ටෙලි නිර්මාණයේ රතී චරිතයට පණ පොවමින්. මීට පෙර සිනමා නිර්මාණයක් හරහා ද ඔබ හමුවට පැමිණි ඇය දක්ෂ ගායිකාවක් ලෙස ද ප්‍රෙක්ෂකයන් පිනවන්නට සමත් වුණා. රංගනයට, ගානයනයට, නිවේදනයට, නර්තනයට එක සේ දක්කම් පෙන්වන ඇය ගැන කතා කරන්නට මේ ඉඩකඩ මෙවර සඳැල්ලෙන් වෙන්වෙන්නේ.

කවී අලූත්ම වැඩ කටයුත්තක දකින්න ඉන්නවා. මේ අලූත්ම අත්දැකීමක් නේද?  ඔව්. අලූතෙන්ම ටෙලිනාට්‍යයක දකින්නට ඉන්නවා. මේ පළමු ටෙලිනාට්‍යය අත්දැකීම. සිනමා අත්දැකීම වින්දා. ඉතින් ටෙලි ඇත්දැකීමත් විඳින්න ඕනෑ වුණා. ඒක සක්කාරංවලින් පටන් ගත්තා.

කොහොම ද මේ අවස්ථාව ලැබෙන්නේ?  අරුණ ජයවර්ධන අයියා, චන්දන අයියා සහ සිරස නාළිකාවේ සුසාර දිනාල් මහත්මයා මට මේ වෙනුවෙන් කතා කළේ. මට කතා කරන්න කලින් අම්මාගෙන් තමයි අහලා තිබුණේ. මෙහෙම චරිතයක් තියනෙවා කවීට කරන්න පුළුවන් ද කියලා. ඉතින් අම්මගේ අවසරය ලැබිලා තිබුණා. පස්සේ මමත් කැමති වුණා. සක්කාරංවලට පෙරත් ආරාධනා දෙක තුනක් තිබුණා. නමුත් මම ආදරයෙන් තෝරා ගත්තේ සක්කාරං. මම චිත‍්‍රපටයෙන් පස්සේ කිව්වා නැවත දායක වෙන්නේ නෑ කියලා. නමුත් සක්කාරං පොත කියෙව්වම ආසා හිතුණා. මම මගේ ජීවිතේ මුල ඉඳන් අගට කියවපු පළමුවෙනිම පොත සක්කාරං. මොකද මම පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඉතින් ගොඩක් ආදරෙන් භාර ගත්ත ටෙලිනාට්‍යයක්.

චරිතය ගැන කතා කරමු? නර්තනය යන්ත‍්‍ර මන්ත‍්‍ර ඔක්කොම තියෙන චරිතයක්. දළදා මාලිගාවේ ප‍්‍රධාන නැට්ටුවාගේ බිරිඳ චරිතය රඟපාන්නේ. චරිතෙ නම රතී. ඇය දෙලොවක් අතර තනි වූ ගැහැනියක්. ඇය ගැන වැඩි විස්තර දැන ගන්න සක්කාරං බලන්න කියලා ආරාධනා කරනවා.

මේ ඉතිහාසගත චරිතයක්නෙ. කවීගේ පෙනුමත් එක්ක මේ චරිතයට ප‍්‍රවේශ වීම අභියෝගයක් වුණේ නැද්ද?  ඉතිහාසගත කතා ගැන බලද්දි සමහර කතා අපට තේරුම් ගන්න හරිම අපහසුයි. නමුත් මේ සක්කාරං කියන කතාව හරි සරල විදියට නිර්මාණය වෙලා තියෙන්නේ. ඕනෑම වයස පරතරයක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට හදලා තියනේනේ. ඉතින් ඒ චරිතය ලොකු අභියෝගයක් වුණෙත් නෑ. බයක් ඇති වුණේ නැත්තෙමත් නෑ. මොකද යන්ත‍්‍ර මන්ත‍්‍ර හා නැටුම් තමයි මෙහි තියෙන්නේ. නැටුම් මට හුරු පුරුදු දෙයක්. මොකද මම පොඩි කාලෙ චන්න විජයවර්ධන මහත්මයා යටතේ උඩරට නර්තනය හැදෑරුවා. ඉතින් මේ ටෙලිනාට්‍යයට බුදවත්ත සර් සහ මිස් ගොඩක් උදව් කළා මගෙ නර්තන හැකියාව එළිදක්වන්න. මොකද මම නර්තනය නවත්තලා තිබුණෙ. ඒ නිසා මගේ නර්තන හැකියාව එළියට ගන්න ඒ දෙපළ උදව් කළා. ඇත්තටම ඒකත් මට ලොකු ගෞරවයක් එවැනි ප‍්‍රවීණයන් යටතේ නර්තනයන් පුහුණු වෙන්න ලැබීම ගැන.

මෙහි පෙම් ජවනිකා කරද්දි අකිලගෙන් ලැබුණ සහාය කොහොම ද? මට මෙහි තියෙන ලොකුම විශේෂත්වය තමයි මගේ පළමු චිත‍්‍රපටය මට රඟපාන්න ලැබෙන්නේ ජැක්සන් ඇන්තනී අංකල් එක්ක. එතැනින් පසුව මගෙ කුළුඳුල් ටෙලි නිර්මාණයට දායක වෙන්න ලැබෙන්නේ ජැක්සන් අංකල්ගේ පුතා අකිල අයියා එක්ක. අකිල අයියාව මම ගොඩක් චුටි කාලෙ ඉඳන් හඳුනන්නෙ. ඒ නිසාම අපි අපේ අදහස්වලින් වුණත් ළඟින් ඉන්නවා. මම හිතනවා ඒ එකමුතුව වැඩි වෙනවා නම් වැඩිවෙන්නේ අපි පුංචි කාලෙ ඉඳන්ම තිබුණු ආදරය. ඉතින් අකිල අයියාගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපි රංගනයත් හොඳින් කරලා ඇති කියලා හිතනවා. ජැක්සන් අංකලූත් එක දවසක් අපේ රූගත කරන තැනට ඇවිල්ලා හරියට මගේ ගැන වර්ණනා කළා. මගෙ හොඳ කිව්වා. ඉතින් ඒකත් මට ලොකු ශක්තියක්.

කවීගෙ රංගනය දැකලා අම්මා මොකද කිව්වේ?  අම්මාගේ රීඇක්ෂන් එක හැම වෙලේම අඬන එක තමයි. අම්මාගේ සතුට තියනේනේ ඇස්වල. මම මේ ඉන්න තැන ඉන්නවා නම් ඉතින් ඒ මගේ අම්මා නිසා විතරමයි. මොකද මම වැඩවලට පෙඞ්ඩක් පසුබට වෙන කෙනෙක්. ඉතින් අම්මා තමයි මාව හැමදේටම යොමු කරලා දිරිමත් කරන්නේ ඔයාට පුළුවන් කියලා.

ලැබුණු ප‍්‍රතිචාර කොහොම ද?  ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයන්ගෙන් සහ මට ආදරය කරන රසිකයන්ගෙන් හොඳ ප‍්‍රතිචාර ලැනෙවා. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.

කවී ගායනය නවත්තලා රංගනයට එයි ද?  නැහැ. මම ගොඩක් ප‍්‍රිය කරන්නේ ගායනයට. මේ දවස් ටිකේ බලනවා ගීතයක් එළිදක්වන්න. මේ අවුරුද්ද ඇතුළත ඒ දේ සිදු වෙයි.

මීට අමතරව නිවේදන කටයුතුත් කරනවා නේද? ඔව්. ස්වර්ණවාහිනී නාළිකාවේ නිවේදන කටයුතු කරනවා. නිවේදනය කරනවා, නටනවා, රඟපානවා, සින්දු කියනවා, මේ හැමදේටම හැකියාව ලැබුණේ කොහොම ද? මගේ අම්මයි තාත්තයි දෙන්නම එන්නේ සංගීත පවුල් දෙකකින්. ඒ දෙන්නම පොඩි කාලෙ රඟපාලත් තියෙනවා. නර්තනයෙ යෙදිලත් තියෙනවා. මම දන්න තරමින් නිවේදනය කරලා නැහැ. ඒ ඇරෙන්න අනිත් හැම හැකියාවක්ම ඇවිල්ලා තියෙන්නේ ඒ දෙන්නගෙන් තමයි.

මේ දේවල් එක්ක සාමාන්‍ය ජීවිතේ ගත වෙන්නේ කොහොම ද? සමාන්‍ය ජීවිතේ මමයි, අම්මයි, මල්ලියි හොඳින් සතුටින් ජීවත් වෙන්වා දෙවියන්ගේ පිහිටෙන්.