October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අපේ විහිලූවලට කවුරුවත් හිනා නොවුණොත් අන්න ඒක ප‍්‍රශ්නයක් – චූටි මල්ලියි පොඩි මල්ලියි

විනෝදය සිනහව සපිරුණු අමුතුම ආරක් ගත් රුපවාහිනීි වැඩසටහනක් මීට ටික කලකට පෙර අපිට දකින්නට ලැබුණා. ඒ තමයි ”අපි නොදන්න Live” මේ වැඩසටහන ඉදිරිපත් කළේ සූරපප්පා, කව්ද බෝයි, ස්කුබිඩු, ගාර්ෆීල්ඞ්, සූටිං මාටිං වැනි ජනප‍්‍රිය කාටුන් සහ ළමා චිත‍්‍රපටවල හඬ කැවීම් සහ අධ්‍යක්ෂණය කළ ජනපි‍්‍රිය කලාකරුවන් දෙපළක් වන ගාමින්ද පි‍්‍රියවිරාජ් සහ සුනෙත් චිත‍්‍රානන්ද. ඒ හැමදේමත් එක්ක පේ‍්‍රක්ෂක ආදරය ආකර්ෂණය දිනා ගත් මේ දෙදෙනා අලූත් වැඩකටයුත්තකටත් අත ගහලා තිබුණා. ඒ ඔවුන්ගේ මේ දක්ෂතා වේදිකාවට ගෙන යමින්. අපි නොදන්න Live Live on stageනමින් ප‍්‍රසංග ගණනාවක් ඔවුන් දෙස් විදෙස්වල මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. පෙබරවාරි 2 වනදාත් ඊඵෂක්‍්‍ය හිදී මෙම ප‍්‍රසංගය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්. ඒ පිළිබඳ කතා කරන්නට සඳැල්ල අප සමග ගාමින්ද පි‍්‍රියවිරාජ් එක් වූ මොහොතක සංවාද සටහනකි මේ.

මොකද්ද මේ වැඩ කටයුත්ත?  චූටි මල්ලි පොඩි මල්ලි සජීවී හාස්‍ය ප‍්‍රසංගයක් තමයි සිදු වෙන්නේ. මෙහි තියෙන්නේ අපි දෙන්නගෙ පැය දෙකක ටෝක් ෂෝ එකක්. ිඒබා මච කොමඩියක් ඒ සඳහා සහයට අපි අපේ වීඩියෝ ක්ලිප් ටිකකුත් ප්ලේ කරනවා. පැය දෙකක් පේ‍්‍රක්ෂකයන්ට හිනා වෙන්න පුළුවන් අවස්ථාවක් විදියට තමයි මෙය පවත්වන්නේ.

අපි නොදන්න Live ප‍්‍රසංග වේදිකාවට ගේනවා. මේ සංකල්පය කාගෙද?  සංකල්පය මගේ ලංකාවෙ මේ ප‍්‍රසංගය අලූතෙන් කළාට මීට පෙර අවුරුදු ගානකට කළින් වෙනත් රටවල කළා. මුලින්ම ඕස්ටේ‍්‍රලියාවෙ පළමු ප‍්‍රසංගය පැවැත්වුණේ. පසුව නවසීලන්තය ,එංගලන්තය, ඉතාලිය, සිංගප්පූරුව වගේ රටවල් ගණනාවක පැවැත්වුවා. ලංකාවෙ මුලින්ම ප‍්‍රසංංගයක් පැවත්වුවෙ 2015 දී. ඊෂඵක්‍්‍ය එකේ. පසුව ඒ වසරේම ප‍්‍රසංග 3ක් ඉදිරිපත් කළා. කොළඹ ප‍්‍රසංග දෙකක් සහ මහනුවර එක් ප‍්‍රසංගයක්.

ඒ ප‍්‍රසංගවල සාර්ථකත්වය කොහොමද?  2015 ලංකාවෙ කරපු ප‍්‍රසංගය අතිශය සාර්ථක වුණා. 1650 අධික සංඛ්‍යාවක් සහභාගි වුණා. එය ඇත්තටම ්‍යදමිැ ත්‍මකක ප‍්‍රසංගයක්. ඒ වගේම ලබන්න පුළුවන් ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. 2015 ප‍්‍රසංගයේ සෑම ආසනයකටම ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් වෙලයි තිබුණෙ. සෑම ආසනයකටම ප‍්‍රවේශ පත‍්‍ර විකුණලා කරපු එකම ප‍්‍රසංගය එය බවත් එහි සේවය කරන අයමයි කිව්වෙත්. මෙවරත් අපි ඒ වගේම ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. පිට රටවල පැවැත්වූ ප‍්‍රසංගවලටත් ලබන්න පුළුවන් ඉහළම පේ‍්‍රකෂක ප‍්‍රතිචාර තිබුණා.

 

මේ ප‍්‍රසංග කරන්න මුල් හේතුව වුණේ අපි නොදන්න Live වැඩ සටහන නේද? ඔව්. අපි නොදන්න Live හරහානෙ අපිව කට්ටිය දැන ගන්නේ. අපි එහිදී ඉදිරිපත් කරපු වැඩසටහන් එක්ක ඒ වටා එක්වුණු පිරිසක් සිටියා. ලංකාවෙ මෙවැනි වැඩ සටහනක් මුලින්ම පටන් ගත්තේ අපි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බොහෝ ශිල්පීන් කොමඩි කියලා කරන්නේ නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමනෙ. ඒ ශිල්පීන් අඩු තක්සේරු කරනවා නෙමෙයි. නමුත් අපි මේ ආරම්භ කළ ීඒබා මච කොමඩි කියන රාමුවට හොඳ ප‍්‍රතිචාර තිබුණා.

ඔබ දෙදෙනාගේ හමුවීමත් එක්ක මෙවැනි වැඩසටහනක් කරන්න හිතුවේ ඇයිි?  මීට පෙර අපි ගුවන්විදුලියෙ වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සිරස ආයතනයෙ හඬ කැවීම් අංශයේ නිදහස් ශිල්පීන් ලෙස වැඩ කරගෙන ගියා. එහිදී මම සහ සුනෙත් එකතු වෙලා තව කට්ටියත් එකතු කරගෙන සූර පප්පා කාටුන් එක ඉදිරිපත් කළා. එය අතිශය ජනපි‍්‍රිය වුණා. අදටත් එය නැවත නැවතත් විකාශය වෙනවා. ඒ ජනප‍්‍රියත්වය එක්ක තමයි අපිට එම ආයතනයෙන් ආරාධනාවක් ලැබෙන්නේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ ආරාධනාවට අනුව තමයි අපි නොදන්න Live ආරම්භ වුණේ. මේ වැඩසටහන විහිළු වැඩසටහනක් විදියට මුලින් මිනිස්සු හිතුවට පසුව තේරෙන අය තේරුම් අරන් තියෙනවා අපි නොදන්න Live කියන්නේ ටෙලි විෂන් ගැන ටෙලි විෂන් ඇතුළෙම තියෙන කොලම් එකක් වගේ කියලා. ඒක වෙනම වැඩ සටහනක්.

ඇත්තටම මිනිස්සු හිනස්සනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයිනේ. නමුත් ඔබ දෙදෙනාගේ කොමඩිවලට හිනා නොවෙන කෙනෙක් වුණත් හිනා වෙනවා. ඒ විහිළු හදා ගන්නේ කොහොමද?  අපේ සමාජයේ දකින දේවල්ම තමයි අපි උපහාසාත්මකව කතා කරන්නේ. ඒ වගේම අපි දෙන්නා පොත පත කියවනවා. ඒ හැම දේමත් එක්ක තමයි මේ අදහස් එන්නේ හිතට. ඒ වගේම එක දේකට හුරු වුණාම අපිට හැම තැනදිම වගේ උපහාසයක් හාස්‍යයක් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට ඡුායාරූප ශිල්පියෙක් ගත්තම ඔහු ලස්සන පින්තූර ගන්නවා. ඔහු දකින පරිසරයම අපිත් දකිනවා. නමුත් ඒ ඈන්ගල් එක ඒ විදිය අපිට පේන්නේ නෑ. ඔහු ගත්තට පස්සේ තමයි අපි එය රස විඳින්නේ. මියුසීෂියන් කෙනෙක් වුණත් එහෙමයි ඒ වගේ අපිත් කාලයක් තිස්සේ මේ දේට හුරු වෙලා ඉන්නේ. ඒ නිසා ඕනෑම දේක හාස්‍යමය පැත්ත අපි නිරායාසයෙන් දකිනවා. ඒවා තමයි අපේ නිර්මාණවලට එකතු කරගෙන තියෙන්නේ.

අද කොමඩි වැඩසටහන් සහ කොමඩි කරන අය ඕනෑ තරම් බිහි වෙනවා. ඒත් පැවැත්මක් නැ. ඔබ දෙදෙනා තවම එක මට්ටමකම රැුඳිලා ඉන්නවා. මිනිස්සු ආදරෙයි. ඒ දේ රඳා පවත්වාගන්නේ කොහොමද?  ඒකට හේතුව මේ ටෙ‍්‍රන්ඞ් එක අපි තමයි පටන් ගත්තේ. අපි නොදන්න Live එකෙන් ලංකාවෙ ලොකු වෙනසක් සිදු වුණා. වෙනස්ම ආකෘතියක් අපි හඳුන්වා දුන්නා. අපි මේ වැඩසටහන් කරගෙන යද්දි තමයි අපි පිටු පස අපිව අනුකරණය කරන අයත් බිහි වුණේ. ඒක හොඳයි අපි ඒකට කැමතියි. අපි ටෙ‍්‍රන්ඞ් එකක් හදලා ඒ පසු පස කව්රුත් හිටියෙ නැත්නම් වැඩක් නෑනෙ. ඒ නිසා අපි ඒකට කැමැතියි. නමුත් ඉතින් මෙහි වෙනසක් තියෙනවා. කොමඩි කරන එකෙයි උපහාස රස සංවේදිතාව කියන එකෙයි වෙනසක් තියෙනවා. ඒ දේ හරියට අවබෝධ කර ගත්ත එක වෙන්න ඇති අපේ දේ දිගටම පවතින්නේ. ඕනැම තරාතිරමක ළමා / වැඩිහිටි අයට අපේ විහළු නරඹන්න පුළුවන්. කෙනෙක් අපහසුතාවයට පවත්වන විහිළු අපි ළඟ නෑ. ඒ හැමදේම නිසා වෙන්න ඇති අපි යම් කිසි තත්ත්වයක ඉන්නේ. සමහර වෙලාවට විශ්වවිද්‍යාලවල දේශනවලට අපි යනවා. ගිහින් මේ හාස්‍යය ප‍්‍රහසනය ගැන කතා කරනවා. ඒ වගේ ඉන්න මහාචාර්යවරු පවා අවබෝධ කරගෙන තියෙනවා මේ දේවල් හිනා වෙනවට වඩා විද්‍යාත්මක පසුබිමක් තියෙන වැඩක් කියලා.

මේ දේවල්වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද?  අපි දෙන්නා වෘත්තිය විදියට කරන්නේ දැන්වීම්කරණය. අපේ ආයතනයක් තියෙනවා. Live 21 නමින්. මේ දේවල් අපි කරන්නේ අපේ ආශ්වාදයට තමන් කැමති දෙයක් කරලා ඒ දේට මිනිස්සුත් කැමති වෙනවා කියන්නේ ඒ සතුට මෙහෙමයි කියලා කියන්න අමාරුයි. කලාකරුවෙක් බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි. ඒ නිසාමයි මේ ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නෙත්.

Live ප‍්‍රසංගයක් කරනවා කියන්නේ අභියෝගයක් නේද?  ඇත්තටම බරපතළ දෙයක්. මොකද Live ප‍්‍රසංගයක පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය පළවෙනි වචනයේ සිටම වැදගත්. අපි මොනවා හරි කියලා කව්රුත් හිනා වෙන්නේ නැතිව හිටියොත් ගණන් ගන්නේ නැතිව හිටියොත් ඒක ප‍්‍රශ්නයක්. පේ‍්‍රක්ෂකාගාරය එය සතුටින් භාර ගත්තොත් තමයි අපිටත් උද්යෝගයක් තියෙන්නේ. පැය දෙකක් විතර වේදිකාවේ එක දිගට කතා කර කර ඉන්නවා කියන එක ඇත්තටම ලොකු අභියෝගයක්. අපි ඔවුන්ව ග‍්‍රහණය කර ගන්න විදියට රස වින්දනයක් ලබා දෙන්න ඕනෑ. ඒ නිසා අපි විවිධ ආකෘති යටතේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. විවිධ මාතෘකා. සම්බන්ධයෙන් කතා කරනවා. ඒ මැදට පෙර පටිගත කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ගත කරලා තියෙනවා. පේ‍්‍රක්ෂකයන් එකතු කර ගෙනත් මෙවර අලූත්ම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ලොකු වෙනස් කම් ඇති වෙන්න පුළුවන්.

ධනු විජේරත්න