January 21, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මේ දින වල පැතිර යන ආසාදිත රෝග

 

මේ දින වල  පවතින්නේ ශීතල කාල ගුණයකි. දහවලට දැඩි හිරු රැස්‌ සහිත උණුසුම් කාලගුණයක්‌ පවතී. ඒ අතර මඳ වේගයකින් යුත් සුළඟක්‌ද හමා යයි.මෙවැනි කාලගුණයක්‌ සහිත කාලවකවානු වලදී බොහෝ ආසාදන රෝග හිස ඔසවන බවට විශ්වාසයක්‌ පවතී. එනිසා එසේ හිස ඔසවන රෝග මොනවාදැයි කියා දැනුවත් බවක්‌ ලබා ගනිමු.

වෛද්‍යතුමනි, කාලගුණික වෙනස්‌කම් සමග ආසාදන රෝග හිස එසවීමක්‌ සිදුවෙනවාද?.. බැක්‌ටීරියා සහ වෛරස රෝග වැඩි වේගයකින් පැතිර යැමට බලපාන පරිසරයක්‌ තිබෙනවා. සාමාන්‍යයෙන් වෛරසයක්‌ වර්ධනය වීමට බලපාන පරිසරය වන්නේ වියළි සිසිල් කාලගුණයක්‌ සහිත පරිසරයකි. බැක්‌ටීරියාවක්‌ වර්ධනය වීමට තෙත පරිසරය සහිත කාලගුණයක්‌ බලපානවා. ඒ අනුව මේ දිනවල පවතින වියළි සිසිල් කාලගුණය සහිත පරිසරයකි. බැක්‌ටීරියාවක්‌ වර්ධනය වීමට තෙත පරිසරය සහිත කාලගුණයක්‌ බලපානවා. ඒ අනුව මේ දිනවල පවතින වියළි සිසිල් කාලගුණය සහිත පරිසරය වෛරස්‌ රෝග වර්ධනය වීමට එක්‌ හේතුවක්‌ වී තිබෙනවා. එහිදී වැඩිපුරම දැකිය හැක්‌කේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා රෝගාබාධය. සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම රෝගය උත්සන්න වීම ආදිය මතුවෙනවා. දුහුවිල්ල සහිත සුළඟ සහ ශීත සුළඟට නිරාවරණය වීමෙන් මෙම ශ්වසන රෝග උත්සන්න වීම සිදුවෙනවා. එනිසා ඊට නිරාවරණය වීම වළක්‌වා ගත යුතුයි.

වෛද්‍යතුමනි ඇස්‌ රෝග ආදිය පැතිර යා හැකිද?..ඇස්‌ රෝගත් වෛරස මගින් හට ගන්නා රෝග තත්ත්වයකි. නමුත් එය පැතිර යැමට බොහෝවිට බලපාන්නේ ඇස්‌ රෝගය නිසා හට ගන්නා තරලය හෙවත් කබ තවත් අයකුගේ දැත්වල ස්‌පර්ශ වී එය ඔවුනගේ ඇස්‌වල තැවරීමෙනි. එනිසා ඇස්‌ රෝගය පැතිරීම වළක්‌වා ගන්න නම් රෝගී පුද්ගලයන් සෙනග ගැවසෙන ස්‌ථානවලින් ඈත්ව සිටිය යුතුයි. එසේම කිසිම විටෙක තමුන්ගේ දැත් සෝදා පිරිසිදු කර නොගෙන තම දැස්‌ ඇල්ලීම නොකළ යුතුයි.

වෛද්‍යතුමනි, පැපොල වැනි වෛරස රෝග මතුවුවහොත් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත කුමක්‌ද?  ඉස්‌සර වගේ කන්න බොන්න නොදී කාමරයකට කොටුකර තබන්න අවශ්‍ය නැහැ.වර්තමානයේ පැපොල රෝගය මතුවීම වළක්‌වා ගැනීම සඳහා එන්නතක්‌ තිබෙනවා. එනිසා එම එන්නත ලබා ගැනීමෙන් පැපොල රෝගය ඇතිවීම වළක්‌වාගත හැකියි. ඊට අමතරව යම් අයකුට පැපොල රෝගය මතුවුවහොත් වෛද්‍ය උපදෙස්‌ මත රෝග පාලන ප්‍රති වෛරස ඖෂධ ලබාගත හැකියි. එම ඖෂධ මගින් සිරුරේ පැපොල බිබිලි මතුවීම පාලනය කරගතක හැකියි.එසේම පැපොල රෝගය රෝගියකුගෙන් තවත් කෙනෙකුට බෝවන්නේ රෝගය මතුවූ මුල් අවස්‌ථාවේදීය. එනම් පැපොල බිබිලි සිරුරේ හට ගැනීම පටන් ගැනීමත් සමගය.පැපොල සහ හර්පිස්‌ සොස්‌ටර් නමැති රෝගයත් මතුවන්නේ පැපොල ඇති කරන වෛරසය මගිනි. පැපොල රෝගය මතුවී කලකට පසුව මෙම හර්පිස්‌ සොස්‌ටර් රෝග තත්ත්වයක්‌ මතුවිය හැකියි. එනිසා පැපොල රෝග ලක්‍ෂණ මතුවන විටදීම වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම හර්පිස්‌ සොස්‌ටර් රෝගය ඇතිවීම වළක්‌වාගත හැකියි.

වෛද්‍යතුමනි, වෛරස ආසාදන රෝග ඇතිවූ විට ගත යුතු පෝෂ්‍යදායී ආහාර මොනවාද?  වෛරස ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා සිරුරින් නිපදවන ප්‍රතිශක්‌තිය වර්ධනය කර ගැනීමට ප්‍රොaටීන් ආහාර ගැනීම කළ යුතුයි.ඒ සඳහා ආහාර වේලට එළවළු වැඩිපුර එක්‌කර ගත හැකියි. මස්‌ මාළු වර්ගවල ප්‍රොaටීන් බහුල නිසා ආහාර වේලට මස්‌ මාළු එක්‌ කර ගැනීමත් කළ හැකිය.කෙසේ වෙතත් මෙවැනි රෝගවලදී විවේකය අත්‍යවශ්‍යයි. එනිසා වෛරස රෝග ඇතිවූ විට විවේකීව සිටීම කළ යුතුයි.