October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පෙර ආත්මයේ මව සොයා ගිය දියණිය

එයාල මං එනකල් සෙල්ලම් කරන්න බලාගෙන ඇති.. – ගෙදරට යන්න තිබ්බේ හීන්කොල්ලාගේ කඬේ ළඟින්.. මරණින් පසු නැවත ඉපදීම; පුනර්භවය එසේත් නැතිනම් පුනරුප්පත්තිය නම් වේ. අපි සියලූදෙනාම කුඩා කල සිට පුනරුප්පත්තිය පිළිබඳ කථා අනන්තවත් අසා ඇත්තෙමු. මේ තවත් එක් පෙරභවයක මතකයන් මේ භවයේදී පවසන දරුවෙකු පිළිබඳ කථාවකි.

නමින් දිලූ නිස්සංකා වන ඇය 1984 වර්ෂයේ වේයන්ගොඩ ප්‍රදේශයේදී උපත ලැබුවාය. ඇය බහතෝරන වියේ සිටම තම පෙරභවය පිළිබඳව අදහස් ප්‍රකාශ කළාය. ඇය තම පෙරභවයේ මාපියන් වෙත ගෙන යන මෙන් ඉල්ලා මේ භවයේ මාපියන්හට ඇවිටිලි කළාය. දිලූගේ මාපියන් උත්සාහ කළේ ඇයගේ මේ පෙරභවයේ තොරතුරු කීම කෙසේ හෝ නවතා දැමීමටය. එහෙත් ඇය දිගින් දිගටම ප්‍රකාශ කළේ ඇයගේ ගම වේයන්ගොඩ නොවන බවත්, එහි සිට හැතැප්ම 80 ක් දුරන් පිහිටි දඹුල්ලේ පේරවත්ත නම් ප්‍රදේශය ඇයගේ ගම වන බවත්ය. දිලූගේ පියා පවසන ආකාරයට ඔවුනට දඹුල්ල ප්‍රදේශයේ ඥාති හිතමිත්‍රාදීන් කිසිවෙකු නොමැති වීම හේතුවෙන් මේ සඳහා ඔවුන්ගේ ඥාතියකු වන බී. ඒ. සුනිල් මහතාගේ උපකාර පැතීමට සිදු විය.

සුනිල් මහතාගේ මැදිහත්වීම මත දඹුල්ල විහාරයේ විහාරාධිපති වූ සුමංගල නාහිමියන් මේ බව දැන ගන්නා අතර විහාරාධිපති වහන්සේගේ අනුශාසනා මත සුනිල් මහතා විසින් දිලූ පැවසූ පෙරභවයේ කරුණු සටහන් ගත කර සොයා බැලූව ද, එම තොරතුරු හා සැසඳෙන මියගිය දැරියක පිළිබඳ ඔවුනට සොයා ගැනීමට නොහැකි විය. නමුත් සුමංගල හිමි මාර්ගයෙන් මේ පිළිබඳ තොරතුරු දැන ගන්නා මාධ්‍යවේදී එච්. ඩබ්ලිව්. අබේපාල මහතා දිලූගේ මාපියන් හා දිලූ හමු වී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.

එහිදී දිලූ, අබේපාල මහතා හා තම පෙරභවයේ තොරතුරු ඉතා උනන්දුවෙන් පැවසීමට ඉදිරිපත් විය. ඇය මේ භවයේ මවට ‘ඇන්ටි‘ යැයි ආමන්ත්‍රණය කළ අතර ඇය සෑම විටම පැවසුවේ තම පෙරභවයේ මව තමාට බොහෝ සෙයින් ආදරය කළ බවයි. තම පියාට වෑන් රථයක් තිබූ බවත්, එයින් ඇයව පාසල් රැගෙන ගිය බවත් ඇය අබේපාල මහතා හා පැවසුවාය. ඇය තමාට සිදු වූ අනතුර පිළිබඳව ද ඔහු හා පැවසුවා ය.

මල්ලී එක්ක සෙල්ලම් කරනකොට අපි දෙන්නම ඇළට වැටුණා. ඊට පස්සේ තමයි මම මෙතනට ආවේ  ඉන්පසු ඇය තම නිවස හා ඒ අවට පිළිබඳව ද අබේපාල මහතාට පැහැදිලි කළා ය. ගෙදරට යන්න තිබ්බේ හීන්කොල්ලාගේ කඬේ ළඟින්, අපි ඒ කඩෙන් තමා ගෙදරට බඩු ගන්නේ. තව අපේ ගෙදර වහළයට උඩින් පුංචි දඹුලූගල පේනවා  ඇය තම පෙරභවයේ සහෝදරයන් හා සෙල්ලම් කළ අයුරු ද විස්තර කළා ය. මල්ලිලයි පොඩි ගල්කැට වලින් සෙල්ලම් කරනවා. අපි සෙල්ලම් කඬේකුත් දානවා. එතකොට ඒ කඬේ මුදලාලි මමයි. අපේ කඬේ ඇතුළේ පුංචි බෝනික්කෙකුත් හිටියා.

ඉන්පසුව ඇය පැවසුවේ දඹුලූ විහාරය නැරඹීමට ගොස් ඇය හා සොහොයුරා වැටී තුවාල වූ අයුරු ය. දඹුලූ විහාරයේ පිංතාලියක් තිබූ බව ද ඇයට මතක තිබුණි. මගේ නම සුවන්නා. අම්මාගේ නම ස්වර්ණා. මගේ ලොකු මල්ලී මහේෂ්, පොඩි මල්ලි තුෂාර. එයාල මං එනකල් සෙල්ලම් කරන්න බලාගෙන ඇති” යැයි කුඩා දිලූ, අබේපාල මහතා හා පවසා සිටියා ය. කොළඹ ගිහින් තියනවා. මට කොළඹ යාළුවො ඉන්නවා” ඇය අබේපාල මහතා හා එක්ව ඇයගේ පෙරභවයේ යහලූද සිහිපත් කළා ය.

මේ කරුණු සියල්ල එක් කොට මාධ්‍යවේදී අබේපාල මහතා සතිඅන්ත පුවත්පතකට විස්තරාත්මක ලිපියක් ලියා පළ කරන ලදී. 1989 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින පළ වූ මෙම ලිපිය කිය වූ දඹුල්ලේ පදිංචි ධර්මදාස රණතුංග මහතා තම මියගිය දියණිය වන ශිරෝමි ඉනෝකා හා මෙහි සඳහන් කරුණු ගැළපෙන බව අවබෝධ කොට ගත්තේය. රණතුංග මහතාගේ දියණිය වන ශිරෝමි ඉනෝකා මියගොස් ඇත්තේ 1983 වර්ෂයේ ය. ඒ දිලූ නිස්සංකා ඉපදීමට හරියටම වර්ෂයකුත් සතියකට පෙරය. මේ හේතුවෙන් රණතුංග මහතා දිලූගේ පියාට ලිපියක් ලියා දක්වන්නේ දිලූගේ පෙරභවයේ තොරතුරු තම මියගිය දියණිය ශිරෝමි ඉනෝකා හා සැසඳෙන බවය.

අවසානයේ දිලූගේ පියා සහ මාධ්‍යවේදී අබේපාල මහතා ඇයව දඹුල්ල වෙත රැගෙන යන්නේ සුමංගල නාහිමියන් හා රණතුංග මහතාත් දඹුල්ල ප්‍රදේශයේදී ගමනට එකතු කර ගනිමිනි. දඹුල්ලේ සිට රණතුංග මහතාගේ නිවසට යෑමට පාර කියුවේ රණතුංග මහතා නොව දිලූ නිස්සංකාය. මීට අමතරව ඇයට මගදී හමුවන පුද්ගලයන් මෙන්ම මාර්ගය දෙපස ඇති වෙළෙඳ සල්ද හඳුනා ගැනීමට හැකියාව තිබුණි. මේ හේතුවෙන්ම රණතුංග යුවළ දිලූ නිස්සංකාව පෙරභවයේ තම දියණිය වන්නට හැකි යැයි පිළිගත් හ.

dilu1මේ පිළිබඳ පුවත්පතක පළ වූ ලිපියකින් දැනුවත් වූ අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙන්ඩ්‍රෝ හැරල්ඞ්සන් (Elendur Haraldsson) මහතා, මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් සොයා බලන ලදී. එහිදී මහාචාර්යවරයා සොයාගත් කරුණු අනුව, කුඩා දිලූ තම පෙරභවයේ ජීවත් වූ ගම ලෙස හැඳින්වූ පේරවත්ත නම් ප්‍රදේශයක් දඹුල්ලේ නොමැති වූ අතර එයට හේතුව එය ශිරෝමි ඉනෝකා විසින්ම නිර්මාණය කරන ලද නමක් වීමය. ඉනෝකාගේ පියා පවසන ආකාරයට තම ගෙවත්තේ වැඩෙමින් තිබූ පලතුරු ගස් හේතුවෙන් ඇය මෙසේ පැවසූ අතර තවද නිවස අසල පේර ගස් බහුලව වැවී තිබූ වත්තක් ඇති අතර ඇය එයටද පේරවත්ත ලෙස ආමන්ත්‍රණය කළ බවත් ඔහු පැවසීය. මෙහිදී මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ එසේ පේරවත්ත යන්න භාවිත කළ එකම තැනැත්තා ඉනෝකා වන බව ය.

ඇය පැවසූ හීන්කොල්ලාගේ කඩය ද පාසල් යෑමේදී හා ඒමේ දී එකල ඇයට හමු වූ එකම කඩය විය. ඊට අමතරව කඩයේ මුදලාලි මහතා වූ හීන් මල්ලී යන නමින් හඳුන්වන පුද්ගලයාද පැවසුවේ එකල ඉනෝකා ඔහුගේ වෙළෙඳ සලෙන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ඔහුට මතක බවය. දිලූ පැවසූ පරිදි දඹුල්ල විහාරයේ පිංතාලියක් ද තිබුණි. ඊට අමතරව ඉනෝකාගේ මව පැවසුවේ ඇය නිතරම තම සොහොයුරන් හා එක්ව සෙල්ලම් කළ බවත්, නිවසට ඉහළින් පෙනෙන ගල, කුඩා දඹුලූගල ලෙස හැඳින්වීමට පුරුදුව සිටි බවත් ය. දිලූ පැවසූ පරිදි ඇයට පෙරභවයේ කොළඹ ප්‍රදේශයේ මිතුරන් සිට ඇති අතර ඇයද මව හා පියා සමඟ වරක් කොළඹ ගොස් ඔවුන්ව හමුවී ඇත. තවද ඇය පෙරභවයේ වෑන් රථයෙන් පාසල් ගියද ඒ සැමදා නොවේ. මන්දයත් එම වෑන් රථය අයත් වූයේ ඇයගේ පියාට නොව, මවගේ සොහොයුරියකට ය.

තවදුරටත් මහාචාර්ය හැරල්ඞ්සන් මහතා ප්‍රකාශ කළේ, දිලූ පැවසූ ආකාරයට පෙරභවයේ ඇයගේ නම සුවන්න නොව ශිරෝමි ඉනෝකාය. එය ඇය පැවසූ නම හා විශාල වෙනසක් තිබුණ ද මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම නාමයන් ද්විත්වයම ආරම්භ වන්නේ ‘ස’ අකුරෙන් බවය. තව ද දිලූ පැවසූ ඇයගේ පෙරභවයේ මවගේ නම ද ස්වර්ණා නොව ශීලා ය. දිලූ පෙරභවයේ නිවසේ වැඩිමහල් සොයුරිය වන අතර ඇයගේ ලොකු මල්ලී ඇය පැවසූ ලෙස මහේෂ් නොව මංජු සිරි නම් වේ. නමුත් ඉනෝකාගේ මව පවසන ආකාරය අනුව මහේෂ් නමින් අසල්වැසි නිවසක දරුවෙකු සිට ඇති අතර ඇය ඔහුව ද ආමන්ත්‍රණය කොට ඇත්තේ ‘මල්ලී‘ ලෙස ය. තව ද කුඩා දිලූ පැවසූ පරිදි ඇය සමඟ සිය සොහොයුරාද ඇළට වැටුණේ නැති අතර ඇය ඇළ තුළට වැටෙන විට සොහොයුරා ද ඇය සමඟ සිට ඇත. මියගිය ඉනෝකා පිහිනීමට දන්නා මුත් ඇය ඇළ තුළට වැටීමේදී හිස ගලක වැදී සිහිසුන් වීම හේතු කොට ගෙන ඇයගේ මරණය සිදු වී තිබුණි. ඉනෝකාගෙ දේහයේ හිසෙහි තිබූ තුවාලයෙන් ද මේ බව තවත් තහවුරු වී තිබුණි.අවසානයේ කෙසේ නමුත් දිලූ නිස්සංකා මාපිය විරෝධය මැද වුවද අවසානයේ පෙරභවයේ ශිරෝමි ඉනෝකාගේ ජීවිතය සොයා ගියා ය.