October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඔවුන් මුදලින් දුප්පත් ඒහෙත් දෙවියන් වැනි යහපත් මිනිසුන්

ආදර්ශයක් දුන්න දුප්පත් පවුලක් ගැන මාලියද්ද ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. පසුගියදා එම ප්‍රදේශයේදී අස්ථානගත වෙලා තිබුනු පව්ම් 2ක රන් මාලයක්,පෙන්ඩන්ට් එකක් සහ මුදල් ඇතුලු අස්ථානගත වී තිබූ සියළුම දේවල් එහි හිමිකරුටම ලබා දෙන්න ඒ පවුල කටයුතු කරලා තිබෙනවා. අස්ථානගත වූ බෑගයේ හිමිකාරියගේ පවුලේ අයෙකු තමන්ට කළ මේ වටිනා උදව්ව ගැන සිය මුහුනු පොතේ සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

දිනය ගිය සතියේ සදුදා.කතරගම ඉදන් කැකනදුරේ තියෙන ගෙදර එන්න ආපු අපේ නංගිගේ බෑග් එක ත්‍රීවිල් එකෙන් වැටිලා නැතිවෙලා.බෑග් එකේ එයාගෙ පර්ස් එක ඇතුලේ පව්ම් 2ක චේන් එකයි,පෙන්ඩන්ට් එකයි,සල්ලි වලින් රුපියල් පහලොස් දහසකට වඩා තිබිලා.හැදුනුම් පත,රියදුරු බලපත්‍රය, atm කාඩ්.හොයාගන්න කොයි තරම් උත්සාහ කරත් ඒක සාර්ථක උනේ නෑ.නංගි ඒ ගැන ආසාව අතඇරලා හිත හදාගෙන ඉන්න වෙලාවෙ ඊයේ උදේ ලියුමක් එනවා නැති උන ID එකයි ,ලයිසන් එකයි ගන්න මාලියද්ද 177 කනුව ලගට එන්න කියලා.

නමක් ගමක්,අඩු ගානේ ෆෝන් නම්බර් එකක් වත් නැති ඒ ලියුම,අපි හිතුවෙම කව්රු හරි බෑග් එක අරන් id එකයි,ලයිසන් එකයි එතන දාල ගිහින් කියලා.ලියුමේ ආපු විදියට බය හිතුන නිසා පුංචියි,නංගියි තනියම යවන්නේ නැතුව මමයි මහත්තයයි ගියා.අපි ගිහින් 177 කනුව ලග විපරම් කරනකොට ඊට එහා තිබුන පොඩි කඩේ මාමා කෙනෙක් අපිට කතා කරා.එයාලා නංගිගේ බෑග් එක අහුලලා තිබුනා.කිසිම දෙයක් අඩු නැතුව හැමදේම ආපහු දුන්නා.

ඇස් වලට කදුලු ආපු ඒ මනුස්සකම ගැන කියන්න වචන නෑ.එතන ලක්ෂ දෙකකට ආසන්න දේවල් තිබුනා.ඒවා හොරකම් කරපුවා නෙමෙයි.අයිතිකාරයා දන්නේ නෑ.එයාලට ඒක අපිට නොදී තියාගන්න ඕන තරම් සාධාරණ හේතු තිබුනා.දරුවො තුන් දෙනෙක් ඉගෙනගන්නවා,අනිත් දේ තමයි ඒ මිනිස්සු මහ සල්ලි කාරයො නෙමෙයි.හැබැයි කෝටියක් වටින මනුස්සකමක් ඒ අය ලග තිබුනා.කරේ තියෙන මාලේ කඩාගෙන යන හොරකම් කරන මිනිස්සුන්ට මේ පව්ල දුන්නේ ලොකු ආදර්ශයක්.

මේ පෝස්ට් එක දැම්මේ ඒ මනුස්සකම අගය කරන්න.කියන්න වචන නෑ.ඒ මිනිස්සු කරන්නේ කෑම කඩයක්.කොච්චර ප්‍රශ්න තිබුනත් අනුන්ගේ සත පහක් එපා කියලා හිතන මේ උදාර මනුස්සකමට උදව්වක් විදියට කෑම එකක් එහෙම ගන්න ඕන උනොත් මේ කඩෙන් අරගෙන ඒ මනුස්සකමට හයියක් වෙන්න කියලා ඉල්ලනවා.ආපහු කියනවා මේ තියෙන්නේ අපි නෑ කියන මනුස්සකම ක්‍රියාවෙන් ඔප්පු කරපු වෙලාවක්.ඒ පව්ලට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා..!

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද… – දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත….

ඒ දේවතාවන් දිව්‍යංගනාවන්… – මනුලෝතලයේ වාසනාවන්…